කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කෑ ආබාධිත රණවිරුවන් ආයෙත් රවටලා.. විශ‍්‍රාම ගෙවන්න මුදල් නෑ..

November 24, 2016 at 12:00 pm | lanka C news
කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කෑ ආබාධිත රණවිරුවන් ආයෙත් රවටලා.. විශ‍්‍රාම ගෙවන්න මුදල් නෑ..

ආබාධාත රණවිරුවන් සදහා විශ‍්‍රාම වැටුප් එන වසරේ පටන් ලබා දෙන්නේ යයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ලිඛිතව පොරොන්දු වුවත් 2017 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවේ ඊට මුදල් වෙන්කර නැතැයි මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ආබාධිත සෙබළුන් රජය විසින් නැවත වතාවක් රවටා ඇතැයිද චෝදනා කරන ඔහු එන වසරේ පෙබරවාරියේ සිට විශ්‍රාම වැටුප ලබාදෙන්නේ යයි ආරක්‍ෂක ලේකම්වරයා ලිඛිතව පොරොන්දු වූ බවත් මාධ්‍ය ඉදිරියේදීද එය සනාථ කල බවත් පවසයි.

මේ තත්වය යටතේ පෙබරවාරියේ සිට ආබාධිත සෙබළුන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන්නේ කෙසේදැයි ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළයුතු බවද ඔහු පෙන්වා දෙයි.

158 views
Main News