කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් රෝහල් ගත කල හිටපු සභාපතිට බරපතලයි..

December 4, 2016 at 4:06 am | lanka C news
කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් රෝහල් ගත කල හිටපු සභාපතිට බරපතලයි..

ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමි උද්ඝෝෂණයට පහරදීම පහර දීම දැඩිව හෙලා දකින බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමි උද්ඝෝෂණයට පහරදීම

අද (03) දින පලාත් පාලන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබූයේ ජනතාවගේ ඡන්දබල අයිතිය දිනාගැනීම වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කල සාහසික ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් දැඩිව පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ලක්ෂණයයි. මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ප්‍රචණ්ඩ පාලනයක ස්වභාවය බව අමුතුවෙන් කිවයුතු නැත. අද පලාත් පාලන නියෝජිතයන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසක් පාර්ලිමේන්තු වටරවුම වටා රොද බැද ගත්තේ බදු ගෙවන ජනතාවගේ යුක්තිය සහ සර්වජන ඡන්දබල අයිතිය වෙනුවෙනි. එය අති‍ශයින්ම සත්භාවික කාලීන සාධාරණ අරගලයකි. නමුත් ආණ්ඩුව ඊට දැක්වුයේ අමානුෂික නිර්ලැජ්ජිත ප්‍රතිචාරයකි.

මෙවැනි සාමකාමී මහජන උද්ඝෝෂණයකදී භාවිත නොකල යුතු ආකාරයේ ක්‍රමවේදයක් ආණ්ඩුව අදත් පාර්ලිමේන්තු වටරවුමේදී භාවිත කල බව අපි දුටුවෙමු. පිරිස විසුරුවා හැරීමේ අරමුණ නොව ඹවුන්ට තුවාල සහ ශාරීරික පීඩාවන් සිදු කිරීමේ අරමුණින් කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කෙරිනි. පිරිස විසුරුවා හැරීමේ අරමුණින් එහා ගිය ප්‍රචණ්ඩ අපේක්ෂාවන් ආණ්ඩුවට තිබුණු බව කදුඵ ගෑස් ප්‍රහාරය උද්ඝෝෂකයින්ගේ මුහුණටම එල්ල කිරීමෙන් තහවුරු විය. මෙහිදී එල්ල කල අධි පීඩන ජල ප්‍රහාරය සදහා විශ සහිත අපිරිසිදු ජලය යොදාගෙන තිබීමද බරපතල තත්වයකි ආණ්ඩුවෙ මෙම ප්‍රහාරයෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ හිසට බරපතල තුවාල සිදුවී ඇත.

කිසිසේත්ම සාධාරණ නොවන අතාර්තික හේතු පුන පුනා ඉදිරිපත් කරමින් පාලාත් පාලන මැතිවරණය කල් දමන ආණ්ඩුව මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසනවාට අමතරව සාමකාමී උද්ඝෝෂණ සදහා වු මහජන අයිතියටද පහරදී අවසන්ය. ආබාධිත රණවිරු උද්ඝෝෂණයට එල්ල කල මැර ප්‍රහාරයෙන් අගනුවර වීදි පුරා විසිරුණු ලේ බිංදු වියැලෙන්නටත් මත්තෙන් අණ්ඩුව තවත් උද්ඝෝෂකයන් පිරිසකගේ ලේ සොලවා තිබේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු උද්ඝෝෂකයින් මර්ධනය සදහා ආණ්ඩුව මෙකී අමානුශික උපක්‍රමය පසු ගිය කාලය පුරා දිගින් දිගටම භාවිතකර තිබේ. ප්‍රජාතන්ත්‍ර විරෝධි වියරු පාලකයින් පළමුව සිදුකරන්නේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමයි. එම වියරු පාලකයින්ගේ දෙවැනි ප්‍රයත්නය උදුරාගත් අයිතීන් දිනාගැනීම සදහා වූ මහජන අරගලය අමානුෂික ලෙස මර්ධණය කිරීමයි. ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ වර්ථමාන ආණ්ඩුව දැන් ප්‍රවේශවී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක දෙවැනි අදියරයටයි.

ප්‍රජාතන්ත්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීම සදහා වු අරගලය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නතරකල හැකියැයි ආණ්ඩුව සිතන්නේනම් එය බරපතල වැරදි වැටහීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටී.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

11,679 Viewers

5 Comments to “කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් රෝහල් ගත කල හිටපු සභාපතිට බරපතලයි..”

  1. gamlath says:

    mu ge wadin thamai meka une, madya wedinta gal gehuwa mun tika

  2. CAT says:

    ඡන්දය ඉල්ලා මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව ලග මහ විරෝධතා.. ඡන්දය බෑ කියා පොලිසිය කදුලූ ගෑස් ගහයි..නමුත් නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ජාතිවාදී දෙමළුන්ට උතුරේ ජාතිවාදී දෙමළුන්ට වෙනස් නීතියක් ..හෙල්මඩ් නොදා පාරේ යතුරු පැදි පැදීමට අවසර ඇත ….සිංහලයින්ට මඩකලපුවේ පාරේ යාමට නොහැකි සේ ජාතිවාදී දෙමළුන් අන්තවාදී හම්බයින් පොලු ..ගල් අරන් සිංහලයින්ට පහර දීමට සුදානමින් පාර දෙපැත්තේ බලාසිටිය හැක ..ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ කදුළු ගෑස් නොගැසීමට හේතුව කුමක්ද ? පොලිසිය නීතිය රකින්නේ මෙහෙමද ?මොකද්ද මේ යහපාලනය නටන නාඩගම
    පොලිස්පති ඉල්ලා අස්වෙන්න

  3. JOY says:

    හිටපු සභාපතිට ඉක්මන් සුවය ලැබේවා

  4. SALMAL says:

    Recovery is hard work – but you’re not alone Sending you tons of well wishes for your fast recovery.
    May the Triple Gem Bless you

    සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කල සාහසික ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

  5. හිරවා says:

    ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමකාමී උද්ඝෝෂණයට පහරදීම ගැන යහපාලන රෙජිමයට අපේ බලවත් විරෝධත්වය පළකරමු
    එම පහත් ක්‍රියාව පිළිකුලෙන් හෙලා දකිමු ….. සිංහලයාට පමණක් මෙවැනි අපරාධ කරන්නේ මන්ද ?
    නීතිකඩන අපරාධ කරන උතුරේ සහ නැගෙනහිර මුස්ලිම් දෙමළ ත්‍රස්තවාදීන්ට දඩුවම් නොකරන්නේ මන්ද ? දැන් ලංකාවේ පවතින්නේ කුමන නීතියක්ද ?
    සිංහලයාට තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ගෝෂණ කිරීමත් වරදක්ද ? මේ සිංහල රටක් ..
    සිරිසේන ..රනිල්..කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා දේශපාලනයෙන් ඉවත් වන්න ..අපේ රට තවත් අගාධයට ගෙනියන්න එපා

Main News