කන්ටේනරයක් හොරෙන් අරන් පලා යයි…

August 15, 2022 at 5:30 pm | lanka C news
කන්ටේනරයක් හොරෙන් අරන් පලා යයි…

බේරුවල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් පයාගල ගාලු පාරේ වැඩ අංගනයක තිබූ බහලුම් පෙට්ටියක් (කන්ටේනර පෙට්ටියක්) බර වාහනයක් රැගෙන රාත්‍රී කාලයක සොරකම් කල බව කියන සැකකාර පුද්ගලයන්දෙදෙනෙකු ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවකින් පසුව පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව(14) පවසයි.

ජපානය හා මෙරට ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙකුට අයත් පයාගල පොතුවිල මාර්ගයට යාබද පොඩි රෙල් ගේට්ටුවට නුදුරින් ගාලු පාර සමීපයේ ඇති භූමියක මෙම බහලුම් පෙට්ටිය තිබියදී ඉකුත් දිනක රාත්‍රී කාලයේ එම බහලුම් පෙට්ටිය ඔසවාගෙන යාහැකි වාහනයක පටවා දෙහිවල ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර තිබියදී එම බහලුම සහ එය ප්‍රවාහනයට රැගෙන ආ බියගම ප්‍රදේශයේ බුම් ට්‍රක් රථය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය කටයුතු කර තිබේ.

එම බහළුම් පෙට්ටිය අයත් බව කියන බේරුවල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචිව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර එම බහලුම රහසිගතව පටවා ගෙන ගිය ට්‍රක් රථයේ අංකය ඔස්සේ සිදුකල පරීක්ෂණ අනුව මෙම බහලූම් පෙට්ටියේ සොරකම සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගත් බව පොලිසිය පැවසීය.

මෙම සොරකම සිදුකර බව කියන මහ මොළකරු වනපුද්ගලයා බහලුම රැගෙන යාමට අවශ්‍ය බෲම් ට්‍රක් රථයක් බියගම ප්‍රාදේශයේආයතනයකට ඔන්ලින් ක්‍රමය ඔස්සේ මුදල් ගෙවා ගෙන්වා ඇති බවත් බහලුම පයාගල සිට හොර රහසේ පටවාගෙන යන අතරතුර පයාගල කලමුල්ල ප්‍රදේශයේ ඉන්ධන හලකින් එම රථයට ඉන්ධන ලබා ගෙන යන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවලින්නිරීක්ෂණ වී ඇති බවත්, පයාගල සිට ගාලූපාරේ කොළඹ දෙසට ස්ථාන රැසක් පරීක්ෂාකල පයාගල පොලිසියේ නිලධාරීන් පළමුව එම බහලුම ප්‍රවාහනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ලබාගත් තොරතුරු මත සොරකම සිදු කිරීමට මුල් වූ පුද්ගලයා සහ බහලුම මිලදී ගත් දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානය ද හඳුනාගෙන බාහලුමේ හොරකම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය පත් කිරීමට නියමිත බව කියයි.

සොරකම් කරගෙන ගිය මෙම බහලුම් පෙට්ටිය රුපියල් ලක්ෂ හතක් පමණ වටිනාබව පොලිසිය කියයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

30,960 views

One Comment to “කන්ටේනරයක් හොරෙන් අරන් පලා යයි…”

  1. Kanishka says:

    දෙවෙනි ඉනිමෙ මේනකගෙ වැඩ වගෙයි

Main News