කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. [Photo]

June 20, 2019 at 5:30 pm | lanka C news
කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. [Photo]

ඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සදහා තේ කොළ ප්‍රවහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අද (20) මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදිය.

අනතුරෙන් කන්ටෙයිනර් රථයේ රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා ඇත.

කන්ටෙයිනර් රථය අනතුරට පත් වන අවස්තාවේ කන්ටෙයිනර් රථය තුල තේ කොළ ටොන් 10 තිබු බවයි  පොලිසිය පැවසුවේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සමග  කන්ටෙයිනර් රථයේ තිරිංග ක්‍රියා විරහිත වි කන්ටෙයිනර් රථය රියදුරාගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි පෙලිසිය පැවසුවේ.

කන්ටෙයිනර් රථය පෙරලිමෙන් වටවල ප්‍රදේශයේ සිට ගිනිගත්හේන ජල සම්පාදක මණ්ඩලය දක්වා ජලය රැගෙන යන ජල නලයකටද හානි සිදු වි ඇත.

අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,493 Viewers
Main News