අක්කර 20000ක් සිංගප්පූරුවට.. ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයක් ලංකාවට.. කැබිනට් පත‍්‍රිකාවක්…

February 14, 2022 at 2:10 pm | lanka C news
අක්කර 20000ක් සිංගප්පූරුවට.. ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයක් ලංකාවට.. කැබිනට් පත‍්‍රිකාවක්…

කන්තලේ සීනි සමාගමේ 85%ක කොටස් සිංගප්පූරු සමාගමකට ලබා දීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ගිවිසුමේ ආරම්භක දින සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සරය දක්වා කාලය ආයෝජකයාට 85% සහ ශ්‍රී ලංකා රජයට 15%ක කොටස් හිමිකාරිත්වය ඇතැයි ගිවිසුමේ සඳහන් වේ.

එතැන් සිට විසිවන සංවත්සරය දක්වා 75%ක් ආයෝජකයකයාට 25%ක් ශ්‍රී ලංකා රජයටත් ලැබෙන බව ද ගිවිසුමේ සඳහන් ය.

විසි වෙනි සංවත්සර දින සිට ගිවිසුම අවසන් වන කාල පරිච්ඡේදය දක්වා අදාළ පාර්ශවයන් කොටස් හිමිකරගන්නා ප්‍රතිශතය ප්‍රමාණය මත හිමිකම තීරණය කරන බවද එහි දැක්වේ.

මෙම කැබිනට් පත්‍රිකාව සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබා දී තිබේ.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරන්නේ මෙම කැබිනට් පත්‍රිකාව මගින් කන්තලේ සීනි කර්මාන්තශාලාවට අයත් අක්කර විසි දහසක් විකුණා දැමීමටත් ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර ලබා දීමත් සිදුව ඇති බවයි.

මේ සඳහා තම විරෝධය පළ කරන බවද එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.

129,421 views

25 Comments to “අක්කර 20000ක් සිංගප්පූරුවට.. ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයක් ලංකාවට.. කැබිනට් පත‍්‍රිකාවක්…”

  1. සවි අරික්කාල says:

    විමලේ, වාසි වාසු, ගම්මන්පිල, අනුෂා, වසන්ති, සීතා, කෝ අනේ ඔයාලා……ඵන්න කෝ හැංගිල ඉන්න තැනකින්….

  2. Ashan perera says:

    JVP karayqnta meke busunge rata kiyala mathak wenne me wage mokak hari kada kappal karanna one unahama thamai.
    Me wage ekaka balanna one Singapore company eka kochchara invest karanawada ? E ganath ekka 15% kiyana eka justify wenawa da wage dewal. Oya edan tika danatamath mokun allagana ennawa da danne nah. Dan aduma awrudu 25/30 oya edan walin mokakda ena adayama. Hariyata hoyala balala karanawanan hoda investment ekak wennath puliwan.

  3. මෝ says:

    පොහොට්ටුවෙ උන් ගේන්නෙම මත්පැන් කම්හල්ල්,කසිප්පු,ගංජා,ගනිකා වුර්තිය වගේ කර්මාන්ත විතරමයි.මුන්ට දරුවො ගෑනු දෙමාපියන් නැතිද?

    • Disce ammata discede says:

      උඹ ජජ්ජගේ කුක්කෙක් නේද? එහෙම නැත්නම් ගොං ජෙප්පෙක්.

      මොලයක් ඇත්නම් බලාපිය මේවා හදන්නේ ඩොලර් වලට විකුනන්න.

      • රු.100 යේ හොරා says:

        පොල් බූරුවො …
        අදාල කාලයත් එක්ක ලංකාවට අයිති කොටස් ප්‍රමාණය දාපිය !
        කන්තලේ බයියෝ නං ඕවට රැවටෙයි !!

  4. රනිල් says:

    අපිට කන්න ඇති තරම් තියෙනවා ඒත් බොන්න විතරයි මදි පාඩු තිබුණේ දැන් ඒකත් හරි. පිං සිද්ධ වේවා !
    සෞභාග්‍යය ඉතිරේවා !

  5. Shan says:

    Okkoma vikunala tho belle vele daganin

  6. ExUNPer V says:

    මෝඩ මීහරක් දැන් මේකටත් විරුද්දව කෑගහයි.
    රටට ඩොලර් ගෙන එන ඕනෑම දේකට විරුද්ද යි ඒත් නිකන් කන්න බොන්න ඕන මුන්ට.

  7. Nimalratne says:

    Don’t use alcohol in sirilanka . Export purpose only

  8. Nalin Hemapala says:

    මෙතෙක් කල් අපේ රටෙ දේ විදේශිකයින්ට විකුනන තුරු නිසොල්මනේ සිටි කාලය ප්‍රමාණවත් යැයි සිතමි මේ රට වැසියා මහ මගට බැස උද්ඝෝෂන කිරීමෙ අවස්ථාවයි එළඹ ඇත්තේ ශ්‍රී ලාංකිකයිනි.

  9. wijesena says:

    GIWISUMA IWARA WANNEEE KOI KAALE DA??
    20+5≠25….
    KOI KAALAYEE WEIDA??
    MOKAKDA EE GIWISUMA?? WIKINEEMAKDA?? BADHU DEEMAK DA??

Main News