කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැන යයි.. සමාජයේ කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්..

July 24, 2020 at 8:40 am | lanka C news
කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැන යයි.. සමාජයේ කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්..

කොරෝනා ආසාදිත ව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් අද අළුයම රෝහලෙන් පැන ගොස් තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් රඳවා සිටි දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

ත‍්‍රිකුණාමලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා හතළිස් එක් හැවිරිදි අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා අපරාධ කිහිපයක් සඳහා අවශ්‍ය කරන සැකකරුවකු බවත් ඔහු ඇවිදින විට වම් පාදය කොර ගතියක් ඇති ඇති බව ද පොලිසිය කියා සිටී.

මොහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකතන අංකවලට ලබා දෙන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

119
071 8 591 017
071 8 592 290
071 8 591 864

මෙම පැන ගිය රෝගියා සොයමින් ආරක්‍ෂක අංශ 100ක පමණ පිරිසක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

393 views
Main News