කන්දකාඩු තත්වය වැලිසර කදවුර වගේ..- අනිල් ජාසිංහ

July 10, 2020 at 3:00 pm | lanka C news
කන්දකාඩු තත්වය වැලිසර කදවුර වගේ..- අනිල් ජාසිංහ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවාඅධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙම කදවුර තුල ඇතිවී තිබෙන තත්වය වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වූවාට වඩා ප්‍රබලත්වයෙන් අඩු එකක් බවද ඔහු පැවසීය.

මේ වන විටත් එමගින් සමාජ පැතිරීමක් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මේ වනවිට පාලනය කළ තත්වයක් යටතේ ජනතාවට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ විශාල ලෙස නොතකමින් කටයුතු කරන බව පෙනී යන බවද ඔහු පැවසීය.

සමාජය තුළ වෛරසය පැවතිය හැකි බැවින් එයින් ආරක්ෂා වීම සඳහා සියලු දෙනාම දෙනා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය රැුකීම, නිතර අත් සේදීම යන ප්‍රධාන කාරණා තුන අනිවාර්යෙන්ම පිලිපැදිය යුතු බවද ඔහු සඳහන් කළේය.

60,628 Viewers

6 Comments to “කන්දකාඩු තත්වය වැලිසර කදවුර වගේ..- අනිල් ජාසිංහ”

  1. Aurora says:

    ජනතාව තුල ප්‍රතිශක්තිය වර්ධනය කරන්න බටහිර වෙදකමේ කිසිම ක්‍රමවේදයක් නැහැ. 1983 සෞඛ්‍ය සේවා පනත අනුව එදා ඉඳල අපේ සෞඛ්‍ය අනතුරේ, බටහිර වෙදකමට හැර අනෙකුත් වෙදකම්, ඒ කියන්නේ කොත්තමල්ලි පස් පංගුව දෙන එක පවා නීතියට අනුව වැරදියි. නව පාර්ලිමේන්තුව කැඳවල පළමුවෙන්ම කරන්න ඕන ඔය දේශද්‍රෝහී මිනීමරු 1983 පනතේ වැරදි නිවැරදි කරලා අපේ ප්‍රතිකාර ගැනීමේ අයිතිය සහතික කරගන්න එක. එතකොට අනාදිමත් කාලෙක ඉඳලා තියන අපේ වෙදකම් අනුව කොරෝනා වලට ප්‍රතිරෝධී ජනතාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම බටහිර වෙදකම් කරවාගෙන වලට යන්න, දොස් – තර කට්ටියට සල්ලි හම්බකන්නත් පුළුවන්.

  2. 77 UNP says:

    Lock down කරනවා කියන්නේ මහා විනාශයක්. ව්‍යාපාර ඉවරයි, පෞද්ගලික සේවකයන්ගේ ඉතුරුම් මාර්තු-මැයි lock down එකේදී ඉවරවුණා. එනිසා ජනතාව සහ ආර්ථිකය රැකගන්න අර්ධවශයෙන් lock down කරන එකයි හොඳම. රජයේ සහ පෞද්ගලික සියලුම නිෂ්පාදන ආයතන කාර්ය මණ්ඩලයන් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා විවෘතකර කර්මාන්තශාලා සහ ඒවාට සේවා සපයන ආයතන විවෘතකිරීමෙන් රටේ ආර්ථිකය නොවැටී පවත්වාගැනීම තමයි මේ මොහොතේ කලයුතු. දිස්ත්‍රික්ක අතර සීමා පැනවීම අතවශ්‍ය අවස්ථා වලදී පමණක් කල යුතුයි. රටේ ජනතාවගෙන් 90% කටම බයිසිකලයක් සහ 75% කට මොටර්සයිකලයක් හෝ තියනවා. ඒ අනුව පෞද්ගලික වාහන පාවිච්චිය මේ අමාරු අවස්ථාවේ දිරිමත්කර ඒකරාශිවීම වැළැක්විය යුතුයි. Internet එකේ data unlimited free කරලා මිනිස්සු ගෙවල්වල නවතින්න දිරිමත් කරන්න ඕන. නැතුව full lock down කියන්නේ රටත් අර්ථිකෙත් ඉවරෙටම ඉවරයි.

  3. Mr.cool says:

    මේ දේශපාලන රැස්වීම් නවත්තන්න ඕනැ. නැත්නම් දෙවැනි රැල්ල එනඑක නවත්තන්න බැරි වේ, මුන් රටට අදරේලු නමුත් කොරෝනා නීති පිළිපදින්නේ නැ, මුන්ගේ කතා අපි හොදට ආසා තියනවා මේ ජනදිපති තුමාගේ වැඩ පිලිවල මිනිස්සුන්ට හොදට තේරෙනවා මේතුමාට රටේ ජනතාව අනිවාර්යෙන් සයෝගය දියයුතුඉ

  4. sarath says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

  5. Prasanna says:

    හු හු හු …ස ඉඉවරයි

  6. MD says:

    ඩොක්ටර් අනිල් ජාසිංහ මැතිතුමනි ඔබ අපට අනගි වස්තුවකි.ඉතාමත් ඉවසිලිවන්තව මේ කරගෙන යන කාර්යයන් තවදුරටත් සාර්ථකව කරගෙන යාමට ඔබට චිත්ත ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!

Main News