කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ පිරිසට කොරෝනා වැලදීමේ අවදානමක්..

March 15, 2020 at 10:40 am | lanka C news
කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ පිරිසට කොරෝනා වැලදීමේ අවදානමක්..

කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ රදවා සිටින පුද්ගලයන්ට කොරෝනා ආසාදවය වීමේ අවදාමක් ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඉතාලියේදී කොරෝනා වැළඳීමෙන් පසු වේදනා නාශක භාවිතා කර මෙරටට පැමිණ එම නිරෝධන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයන් දෙදෙනා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

දැනට එම පුද්ගලයන් දෙදෙනා කොරෝනා ආසාදන තත්ත්වය හෙළි වීමෙන් පසු රෝහල්ගත කර තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා ඉතාලියේදී කොරෝනා වැලදී එය සඟවාගෙන වේදනා නාශක භාවිතා කළ මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනයට විරුද්දව ගුවන්තොටුපොළේ දී ද විරෝධතා දක්වා ඇත.

ඔවුන් නිසා නිරෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින සෙසු පුද්ගලයන්ටද එම අවදානම ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

නමුත් එහි සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක් අනුගමනය කරන නිසා එය යම්තාක් දුරට පාලනය වේ යයි විශ්වාස කළ හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

253 views

6 Comments to “කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ පිරිසට කොරෝනා වැලදීමේ අවදානමක්..”

  1. Ranjan says:

    After curing them put them behind bars for hiding facts.

  2. Aurora says:

    අදාල පුද්ගලයන් පිළිබඳව සොයාබැලුවොත් ඔවුන් නූගත්, ආත්මාර්තකාමී සහ ගෙවල්වල බැලමෙහෙවර කරණ මට්ටමේ රැකියා කරණ අය බව සනාථ කරගත හැකිවනු ඇත. වූහාන් සිට ලංකාවට පැමිණි, දින 14 නොවේ 28 නිරෝධායන කලත් කමක් නැහැ කියූ විශ්ව විද්‍යාල සිසුන් (වූහාන් වල JVP හෝ පෙරේට්ටන්ගේ මහා ශිෂ්‍ය සංගමයක් නැත) හා සසඳන විට ඔවුන්ගේ පහත් ගති ලක්ෂණ හොඳින් ඉස්මතුවී පෙනේ.

    • Cim says:

      ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය වන යවන පිරිසට එසේ නිගා කිරීම හරි අසාධාරණයි. මං හිතන්නේ ඔබ අනිවාර්යෙන්ම හීනමානයෙන් පෙලෙන එකෙක් වෙන්න ඕනෑ.

      • Norata Eka says:

        ඔවුනුයි ඇත්තෙන්ම හීනමානයෙන් පෙලෙන්නේ…

  3. SL says:

    BETTER IF ARMY CAN PARTITION THE ROOMS , TO AVOID SUCH SITUATION.TEMPORARY PARTITION PLUS EXHUST SYSTEM WOULD DO

  4. CNW Pathirana says:

    Usually qurantine places needed to be separated..??