කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරොනා සමාජගත වීම වලක්වයි…

July 11, 2020 at 3:50 pm | lanka C news
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරොනා සමාජගත වීම වලක්වයි…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරොනා වෛරසය සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය සඳහන් කරන්නේ එම මධ්‍යස්ථානයේ කොරෝනා පැතිරීම ගැන විශේෂ අවධානයෙන් සිටින බවයි.

එම කඳවුරට සේවාවන් සැපයූ පිරිසක් පිරිසක් බාහිර සමාජයට ගොස් ඇති නිසා ඔවුන් හඳුනාගෙන වෙන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද ඇය පැවසුවාය.

අදාල සැක සහිත පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම කටයුතු කරන බවත් මාරවිල ප්‍රදේශයේ නිලධාරිනිය සොයා ගත්තේ ඒ අනුව බවද ඇය කියා සිටියාය.

335 views

6 Comments to “කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරොනා සමාජගත වීම වලක්වයි…”

  1. අලි සබ්රි says:

    තම්බි සහෝදරවරු ගානට රටටම කොරෝනා පතුරවයි. සිංහල උඹලා අපිට කරපුවට ඔහොම කරලා මදි.

  2. ක්‍රිමිනල් says:

    අපේ විරුවන් වන ශවෙන්ද්‍ර සිල්වා මහතා , දොස්තර අනිල් ජාසිංහ මහතා , දොස්තර පබා පලිහවඩන මහත්මිය ,වෛද්‍ය සීතා අරබේපොල මහත්මිය සහ නවතම තරු පොකුරේ හද්දින්නත් තරුව වන වෛද්‍ය දීපා ගමගේ මහත්මියට අනුව කොවිඩ් වසංගතය සමාජයේ කිසියම් හො පැතිරයෑමක් නැහැ. චන්දය අතිශය පහසුවෙන් , ඉතා ඉහල තත්වයේ සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේදයන්ට යටත්ව ,අතී නවීන තාක්ශණ මෙවලන් හරහා සුපැහැදිලිව පැවැත්විය හැක.
    ස්තූතියි !

    • Lamaya says:

      Yako chande dammoth vitharada hadenne. Bus Train wala hirawela minissu yanne. Eka awulak naa neda unp jvp ubalata

    • Ayiab lahaw says:

      බොරුවට බය වෙන්න අවශ්‍ය නෑ, ජනාධිපති උතුමානන් ඉන්නකන්. එතුමා මේ අර්බූදය අස්සේ හැමදේම කලමනාකරනය කරනවා තනියම හමුදාපතිතුමයි වෛද්‍යවරුයි සමග. ඒ අති උතුම් පිරිස තමයි සැබෑ දෙවිවරු මේ රටේ. එතුමන්ලා ඉන්නකන් කොරෝනා ආවත් බයක් නැහැ. අපි අපේ යුතුකම ඉටු කරමු. ජනාධිපති උතුමානන්ට තමන්ට කැමති විදිහට වැඩකරන්න ශක්තියක් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා සියලු බලය ගන්න තුනෙන් දෙකක් බලය දෙමු. ඒක අපේ පරම යුතුකම.

  3. රුවන් says:

    ඉස්සෙල්ලා ම රට ඉඳලා ගේන එක නවත්තන්න කෝ..

  4. Puthalam Banda says:

    Ruwan,
    If no foreign employees send their earnings to Sri Lanka in past Four decades, then Sri Lanka is equal to Ethiopia. Because of foreign earnings from last 4 decades only SL is hardly survived

Main News