කන්දකින් පහලට වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා ගැනිමට පොලිසියේ නිලධාරින් සමත් වෙයි..
November 23, 2018 at 5:30 pm | lanka C news
කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි ඇත.
හැටන් ෂැනන් තේ වත්තේ අද (23) දහවල් මෙම මුව දෙන වැටි සිටිනු දුටු වතු කම්කරුවන් එ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම වතු යායට ගොස් ගැබ්බර මුව දෙන හැටන් පශු වෛද්‍ය කාර්යයාගයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දි ඇත.
තේ වතු ආශ්‍රිතව සැරිසරන සුනඛයින් මෙම ගැබ්බර මුව දෙන පන්නා ඇති බවත්, එම සුනඛයින්ගෙන් බේරිම සදහා දිවයන මුව දෙන කන්දකින් පහලට ඇද වැටෙන්නට ඇති බවයි හැටන් පොලිසිය සැකකරන්නේ.
මුවදෙන නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
Good work. Salute you police officers.
Salut karanna oney lasiyenma allan mas karanna chance eka thiyeddi ehema nokara polissiyata danwapu karunika hadawath thibba ahinsaka wathu kamkaru pirisata neda
No Salute Me. – Pissu Ponseka