කන්දෙතැන්න වැවේ කුණු වූ කාන්තා මළ සිරුරක්..

June 16, 2018 at 2:07 am | lanka C news
කන්දෙතැන්න වැවේ කුණු වූ කාන්තා මළ සිරුරක්..

දෙල්තොට කන්දෙතැන්න වැවේ තිබූ නාදුනන කාන්තා මළ සිරුරක් (15) දහවල් ප්‍රදේශවාසින්ට හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසියට දැනුම් දුන් පසු පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මියගිය කාන්තාව අවුරුදු පනහක් පමණ වන අතර මුස්ලිම් ජාතිකයෙකු බවට පොලිසිය සැක පහල කරයි. මෘත ශරීරය හමුවන වන කුණුවී ඉදිමී ඇති බැවින් මීට දින කිිහිපයකට පමණ පෙර මියගිය අයෙක් බව සැක කරනු ලබයි.  ඒ අනුව මෘත ශරීරය හදුනා ගැනීමට සහාය ලබාදෙන ලෙස ගලහ පොලිසිය ජනතාවගෙන් සහාය ඉල්ලා සිටි.

මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර  ගම්පොල කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය

ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලුආරච්චි ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

– අසේල වික්‍රමආරච්චි

9 views
Main News