කන්න දෙයක් නැතිව මුරුංගා කොල කෑ යුවල මට සමාවෙන්න.. කිසිවෙක් බඩගින්නේ ඉන්න ජනපති ආණ්ඩුව හිගමනට වැටී නෑ..- ජනපති

September 22, 2018 at 2:10 pm | lanka C news

අනුරාධපුර දිස්ත‍්‍රිකයේ අඹු සැමි යුවළක් කෑමට කිසි දෙයක් නැතිව වේල් ගණනක් මුරුංගා කොළ තම්බා කෑම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බවත් ඒ ගැන කණගාටු වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන්ගෙන් පහල සියළු දෙනා මෙම තත්වයට වගකිව යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

කිසිවෙකුට බඩගින්නේ සිටීමට තරම් ආණ්ඩුව හිගමනට වැටී නැති බවද මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමන් නිලදාරීන් යොමු කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා එක්වෙමිනි.

69 views

12 Comments to “කන්න දෙයක් නැතිව මුරුංගා කොල කෑ යුවල මට සමාවෙන්න.. කිසිවෙක් බඩගින්නේ ඉන්න ජනපති ආණ්ඩුව හිගමනට වැටී නෑ..- ජනපති”

  1. kate says:

    He never new most of the people from such areas are living in this situation, or even below this level? Good president. He has never been living in this country.

  2. දැක්කොත් බුවා says:

    ඒක නේන්නම් කොස් කොළ ක්‍රෝටන් කොළ හිටන් කන්ට තියෙද්දි ඕව කන්නෙ ඇයි.