කන්න 07කට පසු පොහොර සහනාධාරයෙන් ගොවියා නැගිටී.. වී මෙටි්රක් ටොන් ලක්ෂ 33ක් වෙලදපලට.. නමුත් වී මිල කුණු කොල්ලයට වැටෙයි..
February 21, 2019 at 3:50 pm | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශයක් මෙහි දැක්වෙයි.
ස්ථාවර නියෝග 27/2 යටතේ කරනු ලැබූ ප්‍රකාශය – 2019.02.21
2018/19 මහ කන්නයේ වී අස්වැන්න ලබාගැනීම ගොවි ජනතාව මේ වන විට අරඹා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කර ඇති අතර අපේක්ෂිත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් මිලියන 3.3 ක් බව පැවසේ. පසුගිය වසරට සාපේක්ෂව මෙවර වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයක වැඩිවීමක් හා අපේක්ෂිත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් මිලියනයක වැඩිවීමකි.
පොහොර සහනාධාරය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම, වගා කළ බිම් ප්‍රමාණය අඩු කිරීමට ප්‍රබල හේතුවක් වූණි. ගොවි ජනතාව මුහුණ දුන් ස්වභාවික විපත් ද වගා කළ බිමේ අපේක්ෂිත අස්වැන්න අහිමි කිරීමට තවත් හේතුවකි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී කෙටි කලකට හෝ සිදුවූ ආණ්ඩු මාරුව හේතුවෙන් පොහොර සහනාධාරය යළි ගොවියාට ලබාදීමට අපට හැකි වුණි. එහි ප්‍රතිඵල කන්න 7 ක් දිගින් දිගට පාඩු ලැබූ ගොවියා මෙවර මහකන්නයේ ලබමින් සිටී. පොහොර සහනාධාරය අප ලබාදුන් නිසා නැවත ගොවියාට අහිමි කිරීමට කටයුතු නොකරන ලෙසත් මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්කයන්හි ලැබෙමින් පවතින වී අස්වැන්න මිලදී ගැනීම සඳහා කල් නොමරා රජය වහා මැදිහත් විය යුතුය.
අවශ්‍යතාව එය වුවත්, ආණ්ඩුවේ දුර්වල කළමනාකාරීත්වය නැවත ප්‍රදර්ශනය කරමින් වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කර නැත. රුපියල් බිලියන 5 ක මුදලක් වී මිලදී ගැනීමට වෙන්කර ඇති බව රජය පැවසුවද එකී වෙන් කිරීම මෙවර අපේක්ෂිත අස්වැන්න හා සසඳන විට කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොවන බව පාසල් යන කුඩා දරුවාටද වැටහේ.
කෙසේ වුවද රූපවාහිනී, පුවත්පත් සිරස්තල මඟින් මුදල් වෙන් කිරීම් පිළිබඳ ප්රවෘත්ති දක්නට ලැබුණද, මෙතෙක් කිසිදු ස්ථානයක වී මිලදී ගැනීමක් හෝ ගබඩා විවෘත කිරීමක් සිදුව නැත. සම්බා වී කිලෝවක් සඳහා රු. 41 ක් හා නාඩු වී කිලෝවක් සඳහා රු.38 ක සහතික මිලක් ඉදිරිපත් කර තිබුණද වෙළඳ පොළේ වී අලෙවි වන්නේ, නාඩු රුපියල් 24 ත් 28 ත් අතර මිලකට හා සම්බා රුපියල් 38 ක් වැනි මිලකට බැව් ගොවීහු පවසති.
වෙළඳ පොළේ වර්තමාන සහල් මිල පිළිබඳ පාරිභෝගිකයන් ලෙස හොඳ අවබෝධයක් අපට ඇත. පසුගිය වසර ගණනාවක් තිස්සේ සම්බා කිලෝව රුපියල් 120/- ට වඩා අඩුවූයේ නැත. නාඩු කිලෝවක් රුපියල් 80/- කට වඩා පහලට පැමිණයේද නැත. වී මිල සහ සහල් අලෙවි කරන මිල අතර වෙනස සලකා බැලීමේදී අතරමැදියා වී කිලෝවකින් උපයන මිල කොපමණ දැයි ඔබට වැටහේ.
ගොවියාට සාධාරණ මිලක් ගෙවා ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය සුරැකීමට සහතික වී මිල රුපියල් 50/- දක්වා වැඩි විය යුතු යැයි අපි යෝජනා කරමු.
පසුගිය අප ආණ්ඩු පැවැති සමයේ වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය 300 කට ආසන්න ගබඩා ප්‍රමාණයක් ඉදිකර ජනතා අයිතියට පවරන ලදී. වර්තමානයේ එම ගබඩා වසා දමා ගොවියාගෙන් සෘජුව වී මිලදී ගැනීමෙන් ආණ්ඩුව ඉවත්ව පෞද්ගලික වෙළඳුන්ට රිසිසේ වී අස්වැන්න ඉතා අඩු මිලට රැස් කිරීමට ඉඩ සලසා ඇත.
මහ කන්නයේදී අපේක්ෂිත අස්වැන්න මිලදී ගැනීම, අතිරික්ත තොග ගබඩා කිරීම හා වී අලෙවිය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා මේ වසරේ ප්රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේ සඳහා ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් වසර පුරා වී ගොවිතැනේ යෙදෙන ගොවි ජනතාව දැවැන්ත අර්බුදයකට පත්විමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉතා ඉහල බැව් ආණ්ඩුවට අවධාරණය කරමු.
මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ;
වී මිලදී ගැනීම, ගබඩා කිරීම හා ඒවා කළමනාකරණය සඳහා ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්ද යන්නත්,
වී ගොවිතැන සඳහා විශාල වැයක් ගොවියා දරා ඇති බැවින්, ඔවුන්ගේ අස්වැන්න සඳහා ලබාදෙන සහතික මිල වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේද?
සහ
වසා දමා ඇති වී ගබඩා විවෘත කිරීමට සහ රැස්කරන අතිරික්ත වී තොග කළමනාකරණයට ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්ද යන්නත්,
මේ ගරු සභාවට පැහැදිලි කරන ලෙස සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.
මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
Great
Kate hori nodemmoth ethy.gahana keppawalata.tawakalika aanduwa aran helicopter sawari gihin kelawapu eka witaray.janatha Salli.
kate hori dala thiyenne thope lokka punchi ammath ekka nidaganna ekage ne bola
Hora UNP karayinta ridila
paw
We want Mahinda to become the PM very soon the take us to a prosperous Sri Lanka. Jayawewa!
Hail – Mahinda