කන් අඩි පැලෙන්න සිංදු තහනම්.. බස් රථවලට රජය විසින් ගීත ලයිස්තුවක් දෙයි.. 01 වැනිදා සිට ක‍්‍රියාත්මකයි..

December 25, 2019 at 6:30 am | lanka C news
කන් අඩි පැලෙන්න සිංදු තහනම්.. බස් රථවලට රජය විසින් ගීත ලයිස්තුවක් දෙයි.. 01 වැනිදා සිට ක‍්‍රියාත්මකයි..

එළැඹෙන ජනවාරි මස පළවෙනිදා සිට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල වාදනය කිරීම සදහා ගීත වෙන්කර දීමට රජය තීරණය කර ඇත.

විද්වත් මණ්ඩලයක් මගින් ගීත දාහක් පමණ අඩංගු සංයුක්ත තැටි මගී බස් රථ වලට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් ගීත වාදනය ජනවාරි මස පළවෙනිදා සිට තහනම් වෙයි.

එමෙන්ම එම ගීත වාදනය කිරීමේ දී මගීන්ට කරදරයක් නොවන ලෙස අඩු හඬකින් වාදනය කිරීමටද නිර්දේශ කර ඇත.

මෙම තීන්දුන ගෙන ඇත්තේ බස් මගින් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන ලද සමීක්ෂණයකින් පසුවය.

266 views

38 Comments to “කන් අඩි පැලෙන්න සිංදු තහනම්.. බස් රථවලට රජය විසින් ගීත ලයිස්තුවක් දෙයි.. 01 වැනිදා සිට ක‍්‍රියාත්මකයි..”

  1. Ruwan says:

    Great decition.

  2. නිළමේ says:

    ” ත්‍රී වීල්” වලටත් මේ නීතිය අදාළ වෙන්න ඕන.

  3. ghijk says:

    දඩිබිඩි සන්ගීතෙ එපා.එව දාන්නෙ රියදුරාට ඔනෙ විදියටයි .ඔය සෙට් එක එක්කෝ වහන්න නැත්නම් දාන්න බෞද්ධ ගීත ධර්ම දෙශනා කවි බන වගේ ඒවත් හොදයි.අන්‍යාගමික ගීත දේශාභිමාන ගීත නව පරපුරේ ගායකයන්ගෙ කලාත්මක නිර්මාන වලට උනත් අපි කැමතියි ගී අනුවාදනත් වරදක් නැහැ..ඔබ තුමා ජනතාවගෙ හදවතේ දුක දන්න නායකයෙක් බව පැහදිලියි.ලංකාව බෞද්ද රටකි.

  4. දඩය 50000ක් කරමු says:

    බස්‍ රථවල අධික ශබ්ධයෙන් සිංදු දාන්නේ මගීන්ගේ විරෝධතා ඒ වෙත යොමු කරවීමට​. එවිට කොට කොටා යන එකට​, පොල් පැටවීමට​, ඉතිරි සල්ලි නොදීම වගේ දේවල් වලට මිනිස්සු හඬ අවධි නොකර සිටීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා.
    රියදුරන්ට රථ ධාවනය කරන විට ජංගම දුරකථනය භාවිතා කිරීම තහනම් කළ යුතුයි. දඩය රුපියල් 50 000ක් වත් කළ යුතුයි. රියදුරන් ජංගම දුරකථන භාවිතා කරමින් රිය පදවන්නේ නම් එය වීඩියෝ රෙකෝඩ් කර සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරන මගීන්ට තෑගි දීමේ වැඩපිළිවලක්ද සැදිය යුතුයි.
    පසිගිය දා දක්‍ෂින අධිවේගේ විදේශිකයන් ඇතුලු හතරදෙනෙක් මියගියා. හොයලා බලන්න​.. ඒ රියදුරා ඒ වෙලාවේ දුරකථන ඇමතුමකද හිටියේ කියලා.

  5. Ananda says:

    ජනාධිපති තුමනි.. පුද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තර වරැන්ට මාසක පමන වැඩ මාලාවක් පවත්වන්න ඕනෙ ආචාර ශීලි කම උගන්වන්න. තරගෙට බස් දාවනය කීරීම ගැන සොයා බැලිය යුතුයි …

Main News