කන් පලන සිංදු බස් රථවල තහනම්..

January 1, 2020 at 4:40 pm | lanka C news
කන් පලන සිංදු බස් රථවල තහනම්..

මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල 15 දිනයේ සිට අධික ශබ්දයෙන් යුතු ගීත සහ වීඩියෝ පට විකාශය කිරීම තහනම් කර ඇත.

ඒ අනුව විද්වත් මණ්ඩලයක් විසින් තෝරාදෙන ලද ගීත දහසක් පමණ වාදනය කිරීමට අවස්ථාව දී ඇත.

ඒවා වාදනය කළ යුත්තේ ඝෝෂාකාරී නොවන ආකාරයෙනි.

මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එවැනි ගීත වාදනය කලහොත් 1955 අංකයට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය ඉල්ලා සිටී.

එවන් පැමිණිල්ලක් ලදහොත් බස් රථය රියදුරුට කොන්දොස්තරවරයාට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන අතර බස් රථයේ මගී ප්‍රවාහන බලපත්‍ර සම්බන්ධයෙන් ද පියවර ගැනීම නියමිතය.

අද දිනයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුනද තවත් දෙසතියක සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇත.

284 views

7 Comments to “කන් පලන සිංදු බස් රථවල තහනම්..”

  1. sinha le says:

    දවසට 5ස් පාරක් පල්ලිවල සබ්ද විකාසන මගින් බෙරිහන් දීමද නතර කල යුතුය කුඩා දරුවන් මෙම සබ්දයට බය වෙනවලු

    • ආගමික ශබ්ද දූෂණයට එරෙහි වෙමු !!! says:

      සහෝදරයා, මධ්‍යස්ථව වාගේම සාධාරණවත් හිතන්න.. පන්සල්වලිනුත් වෙන්නේ එසේ මෙසේ පොඩිපහේ ශබ්ද දූෂණයක් නෙවෙයි.
      එකම කවිබණ හතර පස් පාර යනවා..එව්වත් මා තුට්ටු දෙකේ මල්වත්ත රෝඩ් කවිබණ. බෝධිපූජාව හවස 6 පටන් ගන්නව නම් හසව 3 ඉඳන් පීකර් කිරි කිරි ගාන තරම් සද්දෙට ඝෝෂාව.. අනික ඇහෙන්නෙම , ආධාර , සංවර්ධන , දායකත්වය, සම්මාදන් වගේ මුදල් ගෑවෙනම වචන . මේ බුදුපියාණන් වහන්සේ දෙසූ නිවන් මඟද ? සසරටම ඇද වැටෙන මඟද ?

      • Nishantha says:

        Sounds in Temples churches mosques are nothing compared to sound pollution created by play grounds with speakers. Temples, churches, mosques have their sermons, chanting maximum 1 hours whereas sound pollution coming from playgrounds last at least 9 hours. Government should stop this sound pollution. It’s very premitive to disturb your neighbours

    • පහන් says:

      සියළුම ආගමික ස්ථාන වලින් සිදුකරන ශබ්ද දූෂණ නතර කළ යුතුයි. නමුත් විශේෂ අවස්ථාවකදී නම් කොන්දේසි සහිතව අවසර දිය යුතු බව මගේ හැඟීමයි.

    • Nishantha says:

      It’s also important to limit use of loudspeakers /buffles in front of shops and playgrounds disturbing residents around such places. They play music and shout on top of their voice and forcing neighbours to hear those nonsense. It’s violation of basic rights of people. It’s crime to prevent kids from studying, depriving old and the sick from their rest and sleep , making it impossible for people to talk each other in neighboring houses etc.
      The sound pollution is very high in sri Lanka it’s time the government bring in stringent regulations for using sound in public / private houses

  2. john says:

    First stop those buses waiting 5 min at every junction. Then make them issue a ticket and be responsible

  3. upeksha says:

    What will happen if driver fell sleep?

Main News