කපා කොටා ගැනීමකින් හය දෙනෙකු රෝහලේ…
October 20, 2017 at 5:30 pm | lanka C news
වව්නියාව පන්ඩාරිකුලම් හා කට්පග කුලම් ප්රදේශවලිදී ඊයේ (19) රාත්රියේ තියුණු ආයුධ වලින් සිදු කර ගත් පහර දීම් හේතුවෙන් මේ වන විට 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
ඊයේ රාත්රි 7.45 ට පමණ යතුරු පැදිවලින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තියුණු ආයුධ වලින් පළමුව අදාල වෙළඳසැට පැන වෙළඳ සැලට දැඩි අලාබහානි සිදු කොට ඇති අතර අනතුරුව වෙළඳසැලේ සිටි දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පිහර දී තුවාල සිදු කොට ඇත.
අදාල පහර දීම් වලින් තුවාල ලැබූ සිවු දෙනෙකු අසල් වැසියන් විසින් එම අවස්ථාවේදීම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අදාල පහරදීමෙන් පසුව පහරදුන් පිරිස පලා ගොස් ඇති අතර පහර දුන් පිරිස් මේ වන තුරු හඳුනාගෙන නොමැත.
මේ අතර වව්නියාව කට්පග පුරම් ප්රදේශයේදී ඊයේ (19) රාත්රියේ දෙපිරිසක් අතර ඇති වූ පහර දී ගැනීමක් හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ඇත.
මෙම පිරිස් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව පහර දී ගැනීම සිදු කොට ඇති අතර පහර දී ගැනීම් තියුණු ආයුධ සහිතිවද සිදු කොට ඇති හෙයින් මෙසේ කැපුම් තුවාල සහිතව සිව් දෙනෙකු රෝහල් ගත කොට ඇත.
කෙසේ වෙතත් පණ්ඩාරිකුලම් ප්රදේශයේ වෙළඳසැලට පහර දී දෙදෙනෙකුට තුවාල සිදු කළ පිරිස් හා කට්පග පුරම් ප්රදේශයේ ගැටුම් ඇති කර ගත් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂණ ආරම්භ කොට ඇති බවට වව්නියාව මූලස්ථාන පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ