කපා කොටා මරා දාලා.. මළ සිරුර හමුවේ..

December 31, 2019 at 5:30 pm | lanka C news
කපා කොටා මරා දාලා.. මළ සිරුර හමුවේ..

කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැව්බැම්මක් පාමුල තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගත බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මලයාලපුරම් පුදුඅයියන් කුලම් වැව් බැම්ම පාමුල මළ සිරුරක් දැක ඒ බව අසල්වැසියෙකු විසින් කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇති අතර පසුව කිලිනොච්චිය පොලීසිය විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර සොයාගෙන ඇත.

මෙසේ සොයාගත් මළ සිරුර ඝාතනයක් බවට හෙලි වී ඇති අතර මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුරේ ස්ථාන කිහිපයකට තියුණු ආයුදවලින් පහරදී ඝාතනය කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුනියාණ්ඩි විග්නේශ්වරන් නැමති තුන්දරු පියෙකු බවට හඳුනාගෙන ඇති අතර මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇත.

ඝාතනය කරන ලද පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හඳනාගෙන නොමැති අතර පෞද්ගලික ආරව්ලක් මත මෙම ඝාතනය වී ඇති බවට සැක පල කරන බවට සිදුවීම සමබන්ධයෙන් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

88 views
Main News