කපා කොටා වෙඩි තබා මරයි.. තවත් තුනක් රෝහලේ..
April 16, 2017 at 8:02 am | lanka C news
ඊයේ රාත්රි කාලයේදී අම්බලන්ගොඩ මාමඩල ප්රදේශයේදී කඩුවලින් කපා කොටා, වෙඩි තබා පුද්ගලයෙකු මරා දමා තිබේ.
තවත් තිදෙනෙකු ප්රහාරය හේතුවෙන් තුවාල ලබා ඇත.
පොලීසිය පවසන්නේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා මෙම තත්වය මතුව ඇති බවයි.