‘කපුටු කාක් බැසිල් බැසිල්’ නලා හැඩවූ පාසැල් දරුවන් පිරිසකට මන්ත‍්‍රී සහෝදරයා පහර දෙයි…

May 20, 2022 at 12:40 pm | lanka C news
‘කපුටු කාක් බැසිල් බැසිල්’ නලා හැඩවූ පාසැල් දරුවන් පිරිසකට මන්ත‍්‍රී සහෝදරයා පහර දෙයි…

කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුගේ නිවස ඉදිරිපිට ‘කපුටු කාක් කාක්’ යනුවෙන් නලා ශබ්ද කලේ යයි ලේකම්වරයා විසින් පාසැල් දරුවන් දස දෙනකුට වේවැල් පහර ලබා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරන එම පුද්ගලයා මන්ත්‍රීවරයාගේ සහෝදරයකු බවත් පොලිසිය කියයි.

මෙම පාසල් දරුවන් පිරිස වෙසක් බලන්නට යමින් සිටියදී අදාළ නිවස ඉදිරිපිට ‘කපුටු කාක් කාක්’ ලෙස අතරැඳි නලා ශබ්ද නැගීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයිද පැමිණිලිකරුවන් සදහන් කර ඇත.

පැමිනිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පොලිසියට කැඳවා වූ විභාග කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේම එකඟතාව මත සමථයකට පත් වූ බවද පොලිසිය කියා සිටී.

47,318 views

11 Comments to “‘කපුටු කාක් බැසිල් බැසිල්’ නලා හැඩවූ පාසැල් දරුවන් පිරිසකට මන්ත‍්‍රී සහෝදරයා පහර දෙයි…”

  1. ලපයා says:

    විදුහල්පති උද්ගොෂණයකදි පාරෙ යන වාහනයකට විදුහල්පතිලා පහරදෙන රටක මොනවා නොවෙයි ද?

  2. NIMAL says:

    පාසල් සිසුවන් වැරදි කරන විට දඩුවම් නොකලොත් සමාජයට මැරයන් බිහිවනු ඇත.

    • chandhana says:

      මන්ත්‍රීගෙ සම්බන්දීකරන ලේකමා මොකෙක්ද යකෝ සිසුන්ට දඩුවම් දෙන්ඩ. තොපි වගේ දේශපාලකයොයි උන්ගෙ බත් බැලයොයි ඔලුව උඩ තියාගෙන උන්ගෙ අතපල්ලෙන් වැටෙන ඉදුලෙන් ජීවත් වෙන වේ… පුතාල හින්දා තමයි රට මේ තත්වෙට වැටුනේ.

  3. සිරා says:

    දැන් ඒකත් ගොන් පාර්ට් එකක් වෙලා.
    දැන් වාහන වලට කපුටු කාක් කාක් ගහගන්නවත් තෙල් නැතුව නන්නා පෝල් වෙලා.
    ගෝටාගෝම එවුන්ට නිකන් කෑම වතුර ටික ලැබෙන නිසා උන් විතරක් තවම හීනියට කෙදිරි ගගා ඉන්නවා.
    හෙට අනිද්දා GotaGo ගම එවුන් උසාවියෙන් තහනම් නියෝගයක් අරගෙන තමන්ම ඕක අතහැරලා යන්න ඉන්නවා කියලයි ආරංචිය.🤣🤣😅

    • SKF says:

      සිරා නම් රාජපක්සලෑ ගූ කන එකෙක් නිසා කෑම බීමෙන් අඩුවක් නෑ. රාජපක්සල ඉන්නකම් උට පණ ගැටගහගන්න පුලුවන්.

  4. Nishanthi says:

    Eththatama ada podi daruwantath me samajaye nowedagath kathaa nohikmuna kam aadarshayata aran.ape gedara lamaya unath gota Gobbaya kiyanawa.mokda own kudaa daruwo kiwwata ahanne naa epa kiyala.maadya walin penwana de own anukaranaya karanne.namuth apa wedihitiyan lesa eyata anubala nodiya uthui.

  5. sam says:

    Good lesson, children should only be involved in children’s activities. Not politics. Discipline is paramount in any decent society if it needs to progress. We have to learn a lesson from Singapore.

  6. IMF WB Tactics says:

    අන්තරේ සුනඛ අරගලය හැමදාම පාලකයන්ට වාසි වුනා.ජෙආර්ට සහ ප්‍රේමදාසට ඒවායින් කිසිම අභියෝගයක් තිබුනේ නෑ.
    මොකද සිසුන් පාරට ඇවිත් ගාලගෝට්ටී කරද්දී තම නියම ප්‍රශ්න අරගෙන ගොවියන්ට කම්කරුවන්ට ධීවරයන්ට අරගල කරන්න ඉදිරියට එන්න අමාරුයි.
    ලොව පුරා සිසුන් උසි ගන්වා ඇතිකරන සිසු අරගල Word Bank, IMF වැනි ආයතන නියම ජනතා අරගල මගහරින්න සහ වලක්වන්න යොදා ගන්නා ලාභ කපටි උපක්‍රමයක්.

  7. Sam says:

    මෙයාට ගෙවල් වැඩි වෙලාද? එකක් දෙකක් පුච්ච ගන්න ඕන වෙලාද?

  8. Gamarala says:

    ඉපදෙන දරුවොත් දැන් ‘කපුටු කාක් කියා අඩන්නේ

Main News