‘කබ්රාල්ගෙ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ’ – මහ බැංකුවේ හිටපු ලොක්කෙක් කියයි..

October 3, 2021 at 2:10 pm | lanka C news
‘කබ්රාල්ගෙ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ’ – මහ බැංකුවේ හිටපු ලොක්කෙක් කියයි..

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරි මාස හය සඳහා ඉදිරිපත් කළ ආර්ථික දැක්මෙන් ඉලක්ක කළ යුතුව තිබුණේ කෙටි කාල‍ීනව මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වුවත් එයට අදාළ නොවන සියළුම කරුණු එයට ඇතුළත් කර තිබෙන නිසා මෙම ඉදිරි දැක්ම අච්චාරුවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මාස හයේ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා උණුබත් කෑ කතාවට සමාන යැයි හෙතෙම සඳහන් කරයි.

‘මෙතන කබ්රාල් මහත්තයා කරල තියෙන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කන්න ගියා වගේ වැඩක්. ඔක්කොම දේවල් අරගෙන විසඳන්න ගියහම අර අත්‍යවශ්‍ය දේ මග හැරිලා යනවා. ඒක තමයි අපි දකින ලොකුම අභියෝගය’

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

87,332 views

37 Comments to “‘කබ්රාල්ගෙ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ’ – මහ බැංකුවේ හිටපු ලොක්කෙක් කියයි..”

  1. සනත් ඉතාලිය says:

    ඇයි බන් මේ එක එක තැන්වල නාලිකා අටවගත්තු උන්ගෙ නිඑස් මෙතන දාන්නෙ. ඇඩ්මිනුත් කරන්නෙ එක එකාගෙ නාලිකා ප්‍රොමෝට් කරන එකද. ගෙඩිය පිටින් මහබැන්කුවට කෙලින්කොට මෙයා කොහෙද හිටියෙ

  2. harsha says:

    මෙයා මහබැංකුවේ හිටියේ 2000-2009 කාලයේ. අමු මෝඩයෝ ටිකක් වෙන කාලෙක වෙච්ච ඒවාත් මෙයාගේ ගිණුමට දාලා.

  3. 3% ට බය බයියා. says:

    බැසිලාගමනය දවසේ 69 ලක්ෂය කිරි බත් කෑවා .දැන් වමාර වමාර කනවා.

    • Sajja de Sereppu says:

      විජේවර්දනට ම ගැලපෙන ගොං ජෙප්පෙක්.

Main News