කබ්රාල් ඇමති හා මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වෙයි.. තව ටිකකින් මහ බැංකු අධිපති…

September 13, 2021 at 10:00 am | lanka C news
කබ්රාල් ඇමති හා මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වෙයි.. තව ටිකකින් මහ බැංකු අධිපති…

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම රාජ්‍යය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාරදෙනු ඇත.

ඉන් අනතුරුව ඒ මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බවට ද වාර්තා වෙයි.

14,566 views

22 Comments to “කබ්රාල් ඇමති හා මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වෙයි.. තව ටිකකින් මහ බැංකු අධිපති…”

  1. රුක්ෂාන් සිල්වා says:

    මේ වනවිට රටේ වැටී ඇති ආර්ථිකය නැවත ගොඩ ගන්න ඔබට හැකි වේවා. රජයේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය රැකගෙන එම කටයුත්ත සාර්තක කර ගැනීමට හැකි වේවා.

    • ගෞම් ඊයාරාජ් says:

      බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් , ඔකගේ වගේම අර්ජුන් මහෙන්ද්‍රන්ගේ නමත් ඇතුලත් මුන් දෙන්නම හිරේ ඉන්න ඔනේ පට්ට හොරු දෙන්නෙක් , උබලා වගේ මෙලෝ හසරක් නොදන්න ලිං මැඩියො ඉන්නකං මේ වගේ හොරුන්ට රජ මගුල.

      ප:ලී ; අපිට වේලක් ඇර වේලක් කන්න කියලා , කවුරුත් නොදන්න එන්.ජී.ඕ සමුළු අමතන්න , ප්ලාස්ටික් පුටුවේ වාසිවෙන්න ඉතාලී පවුල් පිටින් අපේ සල්ලි වලින් ගිහින් , හැම් බේකන් වලදලා ෆෝටො දාන එවුන්ට කඩේ යන අමූ උම්මාද පහත්ම සථරයේ ගොං බෛයෙක් වීම ගැන ලැජ්ජ වෙයං.

    • saman says:

      rata kese wethath pension ekath hadagath kalakanni mandabuddika loka hora Cabba ,goda yanawa rata nathi wenawa !!! me aman mari uddacha gon moda palakayin nisa !!
      Me kalakannin siyallantama wahi nathi hena path wewa !!!,siyallangema pathuma eyayi !!!

  2. Chathura Gunarathna says:

    obata suba pathum

  3. රන්වල says:

    ඔය කැටගොඩය නිකන් මාලුබාද්දි දමන ඇම වගේ දානව ගන්නව .ඕක මේ පාර පත් උනාම ඇමතිකම් දෙන්ඩ සෑර් ජාතිකවාදයේ කන පලා නිහඩ කරවීමේ ඇමති වගෙ එකක්.බයියො ඉන්නව පඩි ගෙවන්න අවුලක් නෑ රට බන්කොලොත් කියල.

  4. චන්ද දායක says:

    ඒකත් හරි , දැන් බයවෙන්න දෙයක් නැහැ . රටත් ගොඩ,………..පවුලත් ගොඩ,ඌත් ගොඩ, ජනතා පැතුම …..ජයවේවා !!!!!

  5. Samarapala says:

    Disce aut discede

  6. prasantha says:

    he is a politician. should not be the CBSL Governor.

  7. 3ත් නැති ජෙප්පා says:

    බැන්කු අධිපතිගේ හිත චුට්ටක් රිදුනට මොකද අප්පා පෙන්ශන් එකම කීයක්ද…දුක තුනී කරගන්න ඒකම මදිද

Main News