කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..

October 27, 2021 at 8:40 am | lanka C news
කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..

මහබැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු සේ බලතල ලබාදීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව මහ බැංකු අධිපති තනතුර මෙරට රාජ්‍ය ධූරාවලියේ පස්වන ස්ථානයේ එනම් කැබිනට් අමාත්‍යවරයෙකු සේ සේ සලකා කටයුතු කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔක්තෝබර් මස දොළොස්වෙනි දින මෙම රාජ්‍ය බල ධූරාවලිය සංශෝධනයකට ලක් කරමින් මහ බැංකු අධිපති ධුරය උසස් කර තිබේ.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය පැවැතියේ විසිවෙන ස්ථානයේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලද්දේ එම ධුරය සඳහා කැබිනට් බලතල ලබා දෙන්නැයි ඉල්ලීමක් රජ ජනාධිපතිවරයාගෙන් කරමිනි.

32,247 views

16 Comments to “කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..”

  1. Janaka says:

    අපේ මහින්ද මහත්තය යෝජනා කර තිබෙන්නේ එතුමාට ජනාධිපති බලය ඉක්මවා යන බලයක් ලබා දීමට . .ආසියාවේ තෙවන බිලියන පතියා lankave bihiකරවීමේ පූර්න ගවුරවය හිමිවිය යුත්තේ කබ්‍රාල් මහතාට . තවමත් ඔහුගේ කාර්ය බාරය අවසන් නෑ .මෙරට ඉතිරිව ඇති ඉතිරි වත්කම් ඩොලර් බවට පත්කර ඒවා විදෙස් ගිනුම් වල තැන්පත් කිරීම ඔහුට ලැබී ඇති ටාගට් එකක්

    • Jagath says:

      ලංකාව උකස් කරලා ඩොලර් ටික උන්ගේ ගිණුම් වලට මාරු කරන්න හදන්නේ.69 ලක්ෂේට හුලං 😄

      • සාමා says:

        නෑ නෑ හැටනම ලක්ෂයේ එකම බලාපොරොත්තුව සාටකයො ටික, ඒගොල්ලන්ගෙ අඹුදරුවො, එතනින් ගියාම ගෙදර ඉන්න බල්ලො පූසො ඇතුලු හත්මුතු පරම්පරාවම බිලියනපතිලා කිරීම. ඊට පස්සෙ හැටනම ලක්ෂය නිවන් යනවලුනෙ.

    • MD says:

      පොඩි චූන් ඵකක් අරගෙන වගේ ඔබතුමා.නමුත් රට ගැන මීට වඩා අවබෝධයක් ඇතිව විවේචනයකට ගියොත් හොඳයි නේද?තමන්ගේ ගජමිතුරෙක් මහබැංකුවේ අධිපති කමට රනිල් සජිත් කල්ලි දුවගෙන ගිහින් දාගත්ත අමතකද?මෙතන ඵහෙම පැනලා යන්න බැ වගකීමෙන් වැඩ කරන්න වෙනවා.තෙරුම් ගන්න හොඳේ.

      • api donanna ඩොලර් says:

        ඩොලර් එක හිර කරගෙන ඉන්නේ ඇයි ? මෙහෙ බඩු මිල පාලනය කරන්න කියල කිව්වට, ඒක හොඳ හැටි ඉහල යනවා.
        මුන්ට ඕනේ උන්ගේ කළු සල්ලි ටික dolar කරගන්න. ඩොලර් එක පාලනය කරාම, ලංකාවට මිනිස්සු සල්ලි එවන්න නීත්‍යනුකූල නොවෙන ක්‍රම වලින්. ඒවාට මෙහෙන් රුපියල් ගෙවනවා කළු සල්ලි පෙට්ටි වලින්.

  2. කැබිනට් අමාත්‍යවරයෙකු says:

    හැට නම ලක්ෂය, තුනෙන් දෙක, විසිවෙනි සංශෝධනය, විදේශික පුරවැසියන්ට පාර්ලිමේන්තුව විවුර්ත කිරීම, ඇමරිකානු බැසිල් මුදල් ඇමති කිරීම, කබ්රාල් මහා බැංකු අධිපති කිරීම, රාජ්‍ය ධුරාවලියේ විසි වෙනි තැන තිබු මහා බැංකුඅධිපති ධුරය පස්වන තැනට උසස් කර කබ්රාල් ඇති ප්‍රබල මහා බැංකු අධිපතියෙක් කරවීම. මේ ඔක්කොම කරලත් අර රනිලා ඌගේ කකුලෙන් අදින ජනාධිපතියෙක් එකක් පර්ලිනේතුවේ සුළුතර ආණ්ඩුවකින් කරපු වැඩක්වත් කරන්න බැරිවෙනකොට කාටද ආඩම්බර

    • MD says:

      කලා කලා ඵයා තමයි සජිත් අනුර කල්ලි ඵක්ක හොඳටම කලේ.මහබැංකු අධිපති යුවතිපතියන් බලන්න ඕන කියලා සිංගප්පුර් ගිහින් තවම ආවේ නැහැනේ Bro.සමහරවිට කෝරෝනා හැදිලා අවමගුල් ගෙදරක ගියාද?සොරිම තමා

  3. Jude perera says:

    Wate inna apathayantai kamba horuntai okkotama balaya deegena yanawa maha bankuwe bunkuwakwath ithuruva thibunoth athi

  4. බන්ඩා says:

    මේ අමාරැ අවස්ථාවේ ණය negotiate කරන්න ඇමති බලතල අවශ්‍ය යය්.

    • Sena says:

      මොහුට ඇත්තේ මුදල් නීති පණතින් ලබා දුන් බහ බැංකු පාලනය කිරීමේ බලතල පමණි .ඇමති වරයකු සතු කිසිම බබලතයක් ඔහුට හිමි නොවේ .මොහුට ලබා දී ඇත්තේ ඇමති වරප්‍රසාදයක් පමණි .එනම් රාජ්‍ය උත්සවයකදී ඇමති වරු සමග එකට හිද ගැනීම ප්මණි.මීට පෙර ඔහුට හිමිවූයේ පලාත් ආණ්ඩුකායාටත් පසු පස ආසන යකි.

  5. Sena says:

    බොහෝ අය වරදවා තේරුම් ගෙන ඇති බැව් පෙනේ.කබ්‍රාල් මහතා ඉල්ලා ඇති පරිදි ඔහුට කැබිනට් ඇමති කෙනෙකුගේ තත්ත්වය ලබා දී ඇත.ඒ අනුව රාජ්‍ය උත්වසවයකදී ඇමති වරු සමග එකට වාඩි විය හැක..මීට පෙර ඔහුට හිමිවුයේ පලාත සබා ආණ්ආණ්ඩුකාර වරුන්ටත් පසු පස ආසන පමණි .අධිපති වරුන්ට බලතල ලැබෙනුයේ මුදල් නීති පණතිනි.

  6. negotiate says:

    පොහොසතුන් ලෙඩ වුනාම තමන්ගේ කාරෙකේ ගියාට දුප්පතුන්ට රෝහලට යන්න සුවසරිය හැදුවා, පොහොසතුන්ගේ ළමයින්ට ලැප්ටොප් තියනකොට දුප්පතුන්ගේ ලමුන්ට ටැබ් පරිගණක දෙන්න හැදුවා, පොහොසතුන්ට අක්ෂිකාච දාන්න, ස්ට්‍රෙන්ට් දාන්න සල්ලි තිබුනට දුප්පතුන්ට ඒවා නොමිලේ දුන්නා. ෆොසතුන්ගේ පිළිකා රෝගීන්ට සල්ලි දීලා බෙහෙත් ගන්න පුළුවන් වුනාට දුප්පතුන්ට නොමිලේ බෙහෙත් දෙන සීමාව අයින් කරලා දිගටම පිළිකා බෙහෙත් දුන්නා. පොහොසතුන්ට බෙහෙත් ගන්න සල්ලි තිබ්බාට දුප්පතුන්ට ගන්නත් පුළුවන් වෙන්න පැනඩෝල් පෙත්තේ ඉඳලා මිල 300% කින් විතර අඩු කරා. ගොඩක් අඩු පැදියක් තිබ්බ රජයේ සේවකයාගේ පඩිය රුපියල් 10,000කින් වැඩි කරා. ෆොසත් ලමුට ලෙඩ වුනාම හොඳ ඉස්පිරිතාල වලට යන්න පුළුවන් වුනාට දුප්පත් දරුවන්ට යන්න පුළුවන් වෙන්න සුරක්ෂා රක්ෂණ ක්‍රමය හැදුවා. එකේ දී දරුවාගේ දෙමයුපියන් එක්කෙනක් හරි අහිමි වුනොත් රුපියල් 200,000/ ප්‍රතිලාභ දුන්නා. පොහොසතුන් වාහන වලින් ඒසී දාගන වැඩට යනකොට පොල් පටවලා වගේ යන කොළඹ දුප්පත් මිනිසුන්ටත් ඒවගේ ම සැපෙන් යන්න ලයිට් රේල් පද්ධතියක් හදන්න හැදුවා. ගිනිපොලියට ගත්ත ණය බේරන්න අඩු පොලි ණය අරං ණය සැහෙන දුරට ප්‍රතිවුහගත කරා. ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම 2019 මාර්තු මාසය කරා. සිරිසේනග ආණ්ඩු මාරුව සමඟ එන පාස්කු ප්‍රහාරයෙන් සාපයෙන් අද රටම දැවෙනවා.

  7. N.Wimaladasa says:

    To create New Chronology is not that bad an idea of Minister of Home affairs has done suddenly change occurred by upgrade that CB governor order of status of So soon,,,?
    We are an unprecedented Economic and Financial crisis has to face by whole nation near future .We have seek resolutions.. for that ..? How are we going look to New Path for that.

  8. N.Wimaladasa says:

    To create New Chronology is not that bad an idea of Minister of Home affairs has done suddenly change occurred by upgrade that CB governor order of status of So soon,,,?
    We are an unprecedented Economic and Financial crisis has to face by whole nation near future .We have seek resolutions.. for that ..? How are we going look to New Path for that.
    The Economic recession and Financial instability are key issues that CB governor to face time being not only that locally but in Globally.
    Our nation Economy and its GDP is small ones. It has more rooms to expanded than other previous crisis.This is new form and shape of Economy has to shifted to New Capital Market.

  9. 69 MIN BAIYOO says:

    හැට නම ලක්ෂය, තුනෙන් දෙක, විසිවෙනි සංශෝධනය, විදේශික පුරවැසියන්ට පාර්ලිමේන්තුව විවුර්ත කිරීම, ඇමරිකානු බැසිල් මුදල් ඇමති කිරීම, කබ්රාල් මහා බැංකු අධිපති කිරීම, රාජ්‍ය ධුරාවලියේ විසි වෙනි තැන තිබු මහා බැංකුඅධිපති ධුරය පස්වන තැනට උසස් කර කබ්රාල් ඇති ප්‍රබල මහා බැංකු අධිපතියෙක් කරවීම. මේ ඔක්කොම කරලත් අර රනිලා ඌගේ කකුලෙන් අදින ජනාධිපතියෙක් එකක් පර්ලිනේතුවේ සුළුතර ආණ්ඩුවකින් කරපු වැඩක්වත් කරන්න බැරිවෙනකොට කාටද ආඩම්බර

  10. Love nature says:

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ..
    ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ..
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ…
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ…

Main News