කබ්රාල්-ගොඩහේවා එක්ව ජනපතිගේ විශේෂ ප්‍රකාශය පට්ටා පතුරු ගසති.. හොරු සමඟ හෙලුවෙන් ඉන්න අය හෙලිකරති…

January 9, 2018 at 9:20 am | lanka C news
කබ්රාල්-ගොඩහේවා එක්ව ජනපතිගේ විශේෂ ප්‍රකාශය පට්ටා පතුරු ගසති.. හොරු සමඟ හෙලුවෙන් ඉන්න අය හෙලිකරති…

බැඳුම්කර මගඩිය ගැන 2018 ජනවාරි 3 දා ජනාධිපතිවරයා විසින් ජනතාව හමුවේ කරන ලද විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්විය නොහැකැයි ‘දේශප්‍රෙමී වෘතිකයින්ගේ සංසදය’ මගින් කැඳවා තිබූ ප්‍රවෘතී සාකච්ඡාවක් අමතමින් මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවර්ඩ් කබ්රාල් සහ විනිමය හා සුරැකුම්පත් කොමිසම් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නහ.

” ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශයෙන් බැඳුම්කර මංකොල්ලය පිලිබඳව 2016 ජූනි මස අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාල සීමාව අවසන් වන විටත් රටේ ජනතාව දැන සිටි දේවලට අමතරව අලුත් යමක් කියවුනේ නැහැ

අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දින 487 තම ධූරයේ රාජකාරි කලා. ඉන් දින 91ක්ම ගෙවුනේ 2016 මාතු මස සිදුවූ දෙවන බැඳුමකර මංකොල්ලයටද පසුවයි. මුලු රටම මේ සිද්ධිය ගැන කතා කරද්දීද, රටේ ආර්ථිකයට විශාල හානියක් වී ඇතිබව විද්වතුන් හා දේශපානඥයින් පෙන්වා දෙද්දීද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සම්පූරණ ධූරකාලය අවසන් වනතුරුම ඔහුව ඉවත් කිරීමට ක්‍රියාකලේ නැහැ.

පලමු මහබැඳුම්කර සිද්ධියට දින කිහිපයකට පෙර රවි කරුණානයක, මලික් සමරවික්‍රම, කබිර හසීම් යන මහත්වරු මහබැංකුවට ගොස් අර්ජුන් මහෙන්ද්‍රන් සමග කල සාකච්ඡාව ගැන කිසිදු සඳහනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ අඩංගු වුනේ නැහැ

බැන්දුම්කර මගඩියේ ඉතා වැදගත් සාක්ෂියක් විය යුතුව තිබුනේ ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 10 ක පමන මුදලක් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට දුන්නේ කෙසේද , දුන්නේ කාගේ උපදෙස් මතද යන්නයි. ජනාධිපතිවරයා මේ ගැන කිසිදු සඳහනක් කලේ නැහැ

දෙවන බැඳුම්කර මංකොල්ලය වන රුපියල් බිලියන 40 කට ආසන්න ගනුදෙනුව සඳහා මහබැංකුව විසින්ම මුල්‍ය ක්ශේස්ත්‍රයේ සමාගම් වල හදිසි අවස්ථා සඳහා මුදල් නිකුත් කරන දෛනික ද්‍රවශීලතා පහසුකම භාවිත කරමින් අදාල සමාගමට මුදල් ලබා දී තිබීම ගැන ජනාධිපතිවරයා කිසිදු සඳහනක් කලේ නහැ.

දෙවන බැඳුම්කර සිද්ධියෙදී මුදල් ඇමතිවරයා විසින් රාජ්‍ය බැංකු තුනක ප්‍රධානීන් ගෙන්වා අඩුවෙන් ලංසු තබන්නට උපදෙස් දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ හෙලිවුනා. මේ ගැන කිසිදු සඳහනක් විශේෂ ප්‍රකාශය තුල තුබුනේ නැහැ..

ෆුට් නොට් කල්ලිය යනුවෙන් ජනතාව හඳුන්වන කෝප් කමිටු සමාජිකයින් පිරිසක් අවසාන කෝප් කමිටු වාර්ථාවට බලපෑම් කරන්නට උත්සාහ කල සැටි, විගනාධිපතිට බලපෑම කරන්නට උත්සාහ කල සැටි, සැකකාර සමාගමේ ප්‍රධානීන් සමඟ දුරකථන සම්ම්බන්ධතා පවත්වාගෙන ගිය සැටි මීට පෙර වාර්ථාවී තුබුනි. ඔවුන්ගේ ෆුට් නොට් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහබැංකුව විසින් එවු ලිපියක් අගමැතිවරයාගෙ විරෝධය නිසා ඉල්ලා අස්කරගත් බවක්ද වාර්ථාවී තිබුනා. මේ අය ගැන කිසිදු සඳනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය තුල තිබුනේ නැහැ

බැඳුම්කර මංකොල්ලය නිසා සේවක අර්ථ සාධක අරමුදලට වූ විශාල පාඩුව යම් දුරකට ලඝු කොට පෙන්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සිදුවිනා. මීට පෙර වාර්ථාවී තිබුනේ එම පාඩුව රුපියල් බිලියන 20ක් පමන වන බවයි.

ජනාධිපතිවරයා කියනා අකාරයට කොමිසමේ එක් යෝජනාවක් වනුයේ 2008 -2014 කාලය තුල මහ බැංකුව බැඳුම්කර ගනුදෙනු කල ආකාරය පිලිබඳවද පරීක්ෂණයක් කල යුතු බවයි. ඔහුට අමතක වී ඇත්තේ හිටපු මුදල් ඇමතිවරයා විසින් මුල්‍ය පනතේ 43(2) කොටස යටතේ 2016 අගෝස්තු 19 දා කල ඉල්ලීමක් අනුව රජයේ විගනකාධිපතිවරයා විසින් මේ පිලිබඳ සම්පූරණ පරීක්ෂනයක් 2017 ජනවාරි 17 වනදා සිය වාර්ථාව බාර දී ඇති බවයි. ජනාධිපතිවරයාට කරන්නට ඉතුරුව තිබෙන්නේ එම වාර්ථාව ගෙන්වාගෙන කියවීම පමනි. මේ වාර්ථාව දැනටමත් විගනකාධිපතිවරයාගේ වෙබ් අඩවියේ තිබේනවා.

2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන එතරම් අවධානයක් බැඳුම්කර කොමිසම යොමුකල බවක් පසුගිය කාලයේ මේ පිලිබඳ මාධ්‍ය වාර්ථා අධ්‍යයනය කරන්නෙකුට පෙනෙන්නේ නැහැ. නමුත් 2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පදනම් විරහිත ප්‍රකාශයක් 2017 මාර්තු 17 පාර්ලිමේන්තුව තුල කරමින් මහා ඝෝෂාවක් නගමින් අතීතයේදි බැඳුමකර ගනුදෙනුවල දූෂණ සිදුවී ඇතිබවට මතයක් ජනගත කරන්නට උත්සාහ කලේ 2015 පෙබරවාරි 27 සිදු වු බැඳුම්කර මගඩිය හෙලිවීම නිසා කුපිතව සිටි අගමැතිවරයා බවනම් ජනතාවට මතයි.

රුපියල් බිලියන 2000 ක පමන අගයකට සිදුවන භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර නිකුතූන් යනු වාර්ෂිකව රජය විසින් කරනු ලබන විශාලතම ගනුදෙනු වන අතර රුපියල් බිලියන 375 ක පමන අගයකට සිදුවන තෙල් මිලදී ගැනීම්ද එයට දෙවෙනි වෙයි. ඒ නිසා මෙම භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුමකර නිකුතූන් දේශපාලන ඇගිලිගැසීම වලින් තොරවූ ඉතාමත්ම නීත්‍යානුකූල හා පාරදෘෂ්‍ය ක්‍රමයකට අතීතයේ පටන්ම කරගෙන එනු ලැබිවා. 2014 අවසන් වන විට රජයේ භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර වගකීම රුපියල් බිලියන 4000කට වැඩි වී තිබුන අතර ඒවායේ පොලී අනුපාතයේ 1% ක ඉහල යාමක් වුව රජයට රුපියල් බිලියන 40 ක පමන විශාල පාඩුවක් ගෙන දෙන බව මුල්‍ය ක්ෂේස්ථ්‍රයට සම්බන්ධ ඕනෑම අයෙක් දන්නා කරුනක්. උදාහරණයක් වශයෙන් මත්තල ගුවන් තොටුපොල විකුණා රජය ඉපැයීමට බලාපොරොත්තුවන මුදල ඉන් අඩක් පමන වේ. බැඳුම්කර නිකුතුව සඳහා වෙන්දේසි හා ඍජු ක්‍රමවල සම්මිශ්‍රණයක් 1997 සිටම මහ බැංකුව අනුගමනය කලේ රජයට අඩුම වියදමකින් මේ කටයුත්ත කල හැකි ක්‍රමය බව විශේසඥයින් විසින් සොයාගෙන තිබුන නිසාය. නමුත් 2015 දී මෙයට ප්‍රථමවරට දේශපාලන ඇඟිලිගැසීමක් කල අගමැතිවරයා එතෙක් පැවති ක්‍රමය වෙනස් කරන ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ඍජුවම උපදෙස් දීම නිසා රටට අති විශාල පාඩුවක් සිදුවිය. මේ හරහා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවට මගපෑදුනා පමනක් නොව එවකට රටේ පැවති පොලී අනුපාතයන් 2% කටත් වඩා ඉහල යමින් රටේ ආර්ථිකයේ විශාල අර්බූධයකට හේතුසාධකවුනා.

මේ තත්වය රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතිශයින් ලැජ්ජවාට හා අපහසුතාවයට පත්කරවන්නක් බව තේරුම් ගැනීම අපහසු නැහැ. ඒ නිසා සත්‍යය වසන් කිරීම සඳහා ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමේ අරමුනින් අතීතයේ බැඳුම්කර නිකුත් කිරීමේදී දූෂණ සිදුවීයැයි පදනම් විරහිත චෝදනාවක් කිරීම ගැන පුදුම වන්නට හේතුවක් නැහැ. ඉන් ඔවුන් උත්සාහ කරන්නේ රජය තුලම සිටින සැබෑ හොරුන්ගෙන් ජනතා අවධානය ඉවත් කර ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් තවත් හොඳම උදාහරණයක් වන්නේ 2015 දී ඩිව් ගුනසේකර කෝප් කමිටු වාර්ථාව සභාගත කිරීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවමින් හොරුන් ආරක්ෂා කල ආකාරයයි. මේ ආකාරයට හොරුන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීමේ ප්‍රථිපලය වූයේ 2016 මාර්තු මස යලිත් වරක් ඊටත් වඩා විශාල මගඩියක් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබීමයි.

මෙම මංකොල්ලයෙන් රටට වූ පාඩුව ජනාධිපතිවරයා කිවූ ගනනට වඩා ඉතා විශාලයි. එම පාඩුව කිසිවිටක ආපසු පියවාගන්නට ලැබෙන්නේ නැහැ. අද ජනතාව මත බදු බර කෝටි ලක්ෂයකින් පමන වැඩි වී තිබෙන්නේ මේ හොරකම් නිසයි

ඔප්පු වී ඇති හොරකම ගැන පියවර ගන්නවා වෙනුවට අගමැතිත් ජනාධිපතිත් තාමත් කතා කරන්නේ පසුගිය රජයේ වැරදි ගැනයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාද කැබිනට් ඇමතිවරයෙකුව සිටි පසුගිය රජය කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පූර්ණ විගනයක් කිරීමට තමුන් කිසිදු විරුද්ධත්වයක් නැති බවයි. අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගෙ ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය ඉන් බලාගන්න පුලුවන්

පසුගිය රජය කාලයේ සිදුවූවායැයි කියන දූෂණ වංචා ගැන සෙවීමේදීජනාධිපති සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක් වන්නේ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් විධිමත් පරීක්ෂණයකින් පසු සොයාගත්තායැයි විදේශ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් දෙනු ලැබු ‘ ස්නෝවි මවුන්ටන් ඉන්ජිනියරිං ‘ නැමැති සමාගමක් විසින් ඕස්ට්‍රෙලියන් ඩොලර් මිලියන 2.3 ක් වටිනා අපජලය කලමණාකරන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට අල්ලසක් ලබා දුන්නාය යන සිද්ධියයි. මීට අමතරව ලෝක බැංකු ආධාරය යටතේ ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 1.82 ක් වටිනා තවත් ව්‍යාපෘතියක වේල්ලක් ඉදිකිරීම සඳහා දේශපාලන අල්ලසක් ඉල්ලීම පිලිබඳවද ඊ මේල් සාක්කි අදාල සමාගමේ අභ්‍යන්තර පරිගනක පරීක්ෂාවේදී හමුවූ බවකද කියැවුනා. මේ ඇමතිවරයාගේ නම ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද නිසා එය රහසක් නොවේ.යහපාලනය පිලිබඳ වත්මන් ජනාධිපතිවරයාගේ ඇති විශේෂ කැපවීම ඔප්පු කරමින් ඕස්ට්‍රෙලියාවේ ‘සිඩ්නි මොර්නින් හැරල්ඩ් ‘ යන පුවත්පතේ පිටු ගනනාවක් පුරා විස්තර සහිතව පලවී තිබූ මේ සිද්ධිය ගැනද වහාම රජය විසින් පරීක්ෂණයක් ආරම්බ කරන්න කියා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා”

කබ්රාල් මහතා සහ ආචාර්ය ගොඩහේවා තවදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශය හා ඉන් පසුව රජයේ ප්‍රධානීන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ මේ මහා මුදල් වංචාවට රටට හෙලිදරව් වීම නිසා ඔවුන්ට වන දේශපාලන අවාසිය අවම කරගැනීමේ යම් එකඟතාවයකට රජය කරවන දෙපාර්ශවය විසින් පැමිණ ඇති බවයි.එමගින් මේ වංචාවේ ඍජු හා වක්‍ර කොටස් කරුවන් ලෙස රජයේ ප්‍රධානීන්ගේ ඇති සම්බන්ධතාව යට ගැසීම රජයේ අරමුණ බව ඔවුන් පෙන්වා දුන්නා.

“ බැන්දුම්කර කොමිසම් වාර්ථාව අනුව වරදක් සිදුවී ඇති බව දැනටමත් ඔප්පුවී අවසන්. අපරාධයක් කිරීම , කුමන්ත්‍රණ කිරීම මෙන්ම අපරාධයට ආධාර අනුබල දීමද නීතිය අනුව වරදක්. මේ බව දන්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිවම සඳහන් වෙනවා. එසේම සාක්ෂි ආඥාපනතට අනුව අපරාධයට පෙර හා පසු සැකකරුවන්ගේ හැසිරීම නඩුවකදී සැලකිල්ලට ගත යුතුයි. බැඳුම්කර මංකොල්ලය සිදුවීමට පෙරත් පසුවත් රජයේ යම් ප්‍රධානීන්ගේ හැසීරීම අනුව ඔවුන් මේ මහා මංකොල්ලය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, සම්බන්ධවීම හෝ අධාර අනුබල දීමේ චෝදනා යටතේ යම් දිනක නීතිය හමුවට ගෙන එන්න පුලුවන් ”

– චාමින්ද කරුණාරත්න

250 views

24 Comments to “කබ්රාල්-ගොඩහේවා එක්ව ජනපතිගේ විශේෂ ප්‍රකාශය පට්ටා පතුරු ගසති.. හොරු සමඟ හෙලුවෙන් ඉන්න අය හෙලිකරති…”

  1. kate says:

    Please take steps to convince general public before the election.

    • Kautilya says:

      Watch, nothing will happen at the end. It is M3’s gimmicks again at work!

      Reason is that Sirisena , Ranil, Champaka, and even the JVP are all partners and interconnected in the conspiracy that was hatched in 2015 to topple the MR’s government at Arjun Mahendran’s house in Singapore.

      If one is punished, then all the others will be exposed!

      MUTUAL SURVIVAL IS THE NAME OF THE GAME.

  2. ranjith fernando says:

    ඕන්න බලාපල්ලා මුන්ගෙ වැඩ. අගමැතියට හා අනිත් එවුන්ට දැන් තියෙන්නෙ සියදිවි නසා ගන්නයි

  3. Sathya says:

    Dear Mr Kabral and Dr. Nalaka,

    Very well revealed, but you should immediately take maximum possible steps to disseminate those to the general public, as kate said before the election. Otherwise once again, people will be misled and erratic outcome will be there.

  4. Pal says:

    The change of MR regime occurred with the master planing of Tamil Diaspora..

    They paid money to create gossips about misdeeds of Rajapaksas….
    All the development works were criticized….
    Any new big construction work were shown as the properties of Rajapaksas..
    All valuable lands were shown as the properties of Rajapaksas….
    Any murder took place were shown as the work of Rajapaksas…

    But now what has happen to our country..?????

  5. Kings says:

    මම ඔබ දෙපොලට යෝජනා කරනවා මේ ගැන ගැමි ජනතාවට තේරෙන භාෂාවෙන් ඩොකියුමන්ට් එකක් හදල, ලංකාවෙ හැම පොහොට්‍ටු ‍රැස්වීමකම කතාවක් පවත්වන්න ඒ ඒ ඡන්ද අපේක්ෂයට පවරන්න. එතකොට අපේ ගැමි ජනතාවටත් පැහැදිලිව තේරේවි මේක නිසා තමයි මේ හැම පාරිභෝගික භාන්ඩයකම මිල ඉහල ගිහින් තියෙන්නෙ කියල. මම නැවතත් ඉල්ලනව මේගැන මහජනතාව හොඳින් දැනුවත් කිරීම ඔබ දෙපලගේ වගකීමක් කියල. ඒ කරල මේ කාලකන්නි ආන්ඩුව බිංදුවටම බස්සන්න ඕනෙ.
    අනිත් කාරනය තමයි මේ පලාත් පාලන ඡන්දෙ වැඩි වාසි යහපාලනයට ලැබුනොත් මේ අය රට බෙදන ව්‍යවස්ථාව ගේනව, ඒකට මිනිස්සු කැමති නිසයි මේ ඡන්දෙ දීල තියෙන්නෙ කියල. ඒ ගැනත් හැම ඡන්ද ‍රැස්වීමකදිම මහ ජනතාව දැනුවත් කල යුතුමයි. මට පක්ෂ පාට භේද නැහැ. නමුත් මගේ රටට සිංහල ජාතියට, බුද්ධාගමට ආදරෙයි.

    • dutu says:

      මමත් ඒ යෝජනාවම කරනවාග මේ ගැන ගැමි ජනතාවට තේරෙන භාෂාවෙන් ඩොකියුමන්ට් එකක් හදල, ලංකාවෙ හැම පොහොට්‍ටු ‍රැස්වීමකම කතාවක් පවත්වන්න ඒ ඒ ඡන්ද අපේක්ෂයට පවරන්න. එතකොට අපේ ගැමි ජනතාවටත් පැහැදිලිව තේරේවි මේක නිසා තමයි මේ හැම පාරිභෝගික භාන්ඩයකම මිල ඉහල ගිහින් තියෙන්නෙ කියල.

      අපි නැවතත් ඉල්ලනව මේගැන මහජනතාව හොඳින් දැනුවත් කිරීම ඔබ දෙපලගේ වගකීමක් කියල. ඒ කරල මේ කාලකන්නි ආන්ඩුව බිංදුවටම බස්සන්න ඕනෙ.

    • vishnu says:

      ඔබ කියන එක සම්පුර්ණ ඇත්ත ලංකාවේ 90%ට මේක තේරෙන්නෙ නෑ.
      අන්තර්ජාලයෙ තියෙනව බැංකු මන්කොල්ල්ලය සරල බසින් කියල,
      නාලක ගොඩහේවාගේ video clip එකක්. එකෙන් තමයි මමත් මේගැන
      දැනුවත් උනේ. මේකේ අවබෝධයක් නැති කෙනෙකුට මේකෙන් රටට වන
      අවදානම තේරෙන්නෙ නෑ. මටත් පක්ෂයක් පාටක් නෑ හැබයි අවම වැරදි
      තියෙන පුත්ගලයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මම අවිවාදයෙන්ම පිලිගන්නවා.
      විමල් වීරවංස උදය ගම්මන්පිල ගෙනියන සටනට උපරිමයෙන්ම සහයෝගය
      දෙනව

    • wakula Deegoda Gamage says:

      I also agree 100% with Kings as to what we should do at this juncture. Our People with their ‘Gemi Budhdhiya’ are quite capable of

  6. මයිතුනයා says:

    ඕන් බලාපියව් මුන්ගෙ වැඩ.කෝ දැන් මේකෙ කොටන අර සුනිල කියන එකයි අවලම් පෙරේර කියන වරත්තු බල්ලයි?

  7. සාධාරණ සෝභිත​ says:

    බැඳුම් කරය ඇස් බැන්දුම් කරයක් කිරීමට හොර නායකයින් ගන්නා උත්සහය රබර් බෝලයක් දියේ ගිල්වන්නට උත්සහ කිරීමක් බඳුය​.තාමත් මේ රට තුල බත් වෙනුවට තණකොළ බුදින ,ගොන්නුන්ට අඳින යම් ජන ප්‍රමාණයක් සිටීම මේ හොර නඩයට උත්තේජන සපයන්නක් වේ.සුදු කර පටි හොරුන් කිසිදු විලි ලජ්ජාවකින් තොරව මේ හොරකම කලත්,එසේ කර සුදනන් වන්නට වලි කෑවත් එය අසීරු කාර්‍යයකි.මුල සිට අගටත් අග සිට මුලටත් දෑත් පිරිසිදු කර ගත යුතුයි කියා නිතර දෙවේලේ බණ දෙසනා උන්ම හත් පොලේ ගා ගත් විට රටම ගඳ ගසනා බව මේ නරුම රැළට තේරෙන විට රටට කුමක් සිදු වේදැයි නොදනී.අද රටේ විදේශ මුදල් සංචිතයක් නැත​.සතියකට ප්‍රමාණවත් ඉන්ධන නැත​.කන්නයක් වගා කර ගන්නට පොහොර නැත​.පම්පෝරිය ඉහටත් උඩින් ඇත​.
    රජය බාර ගෙන ගතවූ තුන් අවුරුද්දේම කලේ පසුගිය රජය පතුරු ගැසීමය​.ලෝක විහිළුව වන්නේ මෙසේ පතුරු ගසන්නේ පසුගිය රජයේම සිටි එවුන් වීමය​.රාජ්‍ය නායකයාද පසුගිය රජයේ ඉහලම තලයේ සිටියෙකි.මොවුන් සියළු දෙනාම කලේ හා කරමින් ඉන්නේ සරම් ඇඳ ඔළුවෙන් හිට ගැනීමය​.බත් වෙනුවට තණ කොළ බුදිනා දෙපා ගොනුන් අතලොස්සක් හැර ඉතිරි ජනයා මුන්ගේ හෙළුව දකින දකින වාරයක් පාසා සත්‍ය අවබෝධ කර ගනිමින් සිටින්නේය​.

    • Real Man says:

      Very good explanation dear friend….

      We should chase these bloody Yahapalana dogs away…

      Dear Srilankans…

      Please. Please. Please Please get together.

  8. BARCARDI says:

    This commission report is bullshit.
    The Commission spent most of the time getting evidence from bank staff. They did not spent much time on ALOSIUS -MAHENDRAN-RANIL for getting evidence.
    ALOSIUS -MAHENDRAN-RANIL are the key players of this robbery but commission spent very little time on them .

    MY3 appointed this commission because to get rid of from pressure came out side, not because he wanted actually investigate the matter.

  9. cim says:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති උනෙත් දෙපාරක් ජනාධිපති උනෙත් බුලත් කොළෙන්. එතුමාගේ අයියා චමල් රාජපක්ෂ මහත්තයා කතා නායක උනේ බුලත් කොළෙන්. පුතා නාමල් රාජපක්ෂ මන්ත්‍රී උනේ බුලත් කොළෙන්. මාත් පත්උනේ බුලත් කොළෙන්. එනිසා කවුරුහරි බුලත් කොළේට කෙල ගහනවානම් , ඒ බුලත් කොලෙට පයින් ගහනවා නම් අප කරන්නේ අම්ම තාත්තා අමතක කළ වාගේ වැඩක්. බුලත් කොලේ ඉනිමගෙන් උඩට නැගිලා ඒ ඉනිමගට පයින් ගැහුවා වගේ වැඩක්

    • vishnu says:

      බුලත් කොලේට පුවක් කෑල්ලක් තියල
      කටේ දා ගනින්

    • SWoRD says:

      හරිනේ. උඹලගෙ මොට්ට හිටම් කොලුව බුලත් වැලටම​ පයින් ගහල අලි බෙටි කන්න ගියා. ඒක ගැන වෙන්ටැ ඔය කියන්නෙ.

    • siranil.com says:

      හැබෑටම කවුද බං උඹ වගේ එකෙක්ව පත් කල උන්.?

  10. indunil says:

    yuddeta nathi kaduwa koss kottannada?

Main News