කබීර්-හලීම් දිවුරුම් යලි දුන්නාට රනිල්ගේ විරෝධය.. ව්‍යවස්ථා විරෝධී යයි කියයි..

June 20, 2019 at 9:20 am | lanka C news
කබීර්-හලීම් දිවුරුම් යලි දුන්නාට රනිල්ගේ විරෝධය.. ව්‍යවස්ථා විරෝධී යයි කියයි..

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් නැවතත් ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම බලවත් විරෝධය පළ කර ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කරයි.

මෙම දිවුරුම් දීම සිදු කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව බවත් ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවකින් තොරව ඇමතිවරුන්ට දිවුරුම් දීමට නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇත.

ප‍්‍රතිපත්තිමය කරුණක් මත මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ම ඉල්ලා අස් වූ බවත් තමන් දැනුවත් නොකර දෙදෙනෙකු පමණක් ඇමතිධුර දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවත් අගමැතිවරයා පවසා තිබේ.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ යේ දිනයේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමිනි.

මෙම දෙදෙනා ඇමතිධූර ද දිවුරුම් දීමත් සමග ඉල්ලා අස් වූ මුස්ලිම් දේශපාලඥයන් පිරිස දෙකඩ වී මතභේදාත්මක තත්ත්වයක් උදාවී ඇති බව ද සඳහන්ය.

නැවත ඇමති ධුර බාර ගැනීම සඳහා වූ සාකච්ඡාවේ දී නොයෙකුත් මත ගැටුම් උත්සන්න වූ බව ද වාර්තා විය.

62,299 Viewers

15 Comments to “කබීර්-හලීම් දිවුරුම් යලි දුන්නාට රනිල්ගේ විරෝධය.. ව්‍යවස්ථා විරෝධී යයි කියයි..”

  1. සිංහල බන්ඩා says:

    රනිල් මුස්ලිම් සමාජය වහබිකරනය කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

    • Manoj says:

      ගරු අග්‍රාමාත්තය තුමනි, ඉදිරි මැතිවරන සදහා ඔබතුමා සූදනම්වනබව අපට පෙනේ. ඒ සදහා විසාල සහ්නාදාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යන බවක්ද පෙනේ. ඒවා ලබා දීමෙන් ඔබේ චන්ද පදනමෙ කිසිදු වෙනසක් සිදුනොවේ. ඔබ කලයුත්තේ ඔබත් ඔබෙ පක්ශයත් වලපල්ලට ඇද ඩැමූ රාජිත දේශපාලන තක්කඩියා තනතුරෙන් පහකර නිසි දඩුවම් ලබාදීමයි. ඉතිහසයේ මහා මිනිස් සන්හාරය කරන ලද සාෆි වැනි මිනීමරුවන් රකින රාජිත වැනි සුනකයෙකුට නිසි දඩුවම් ලබා ඩුනහොත් ඔබේ ජයග්‍රහනය නියතයි

    • sama says:

      So this indicates that the unofficial Prime Minister is Bathurdeen

    • kawinda says:

      ethakota ekata okkomala asswela pennuwe muslim smagiya bawa kiuwe kauda..? ape viruddapakshe amana sinhala manthirila neda..? thamange nethi samagiyak anun thulin dakinna hadana pol buruwo denwath denaganilla .. umbalata wadaa muslim minissu wenas. hethuwa un mula indalama velendo… business kaarayo.

    • විස්කි මැඩම් says:

      “විශ්වාස නොකරන්නා මරා දමන්න” කියන කුරාණ වැකියට “වහාබ්වාදය” යටතේ දෙන අර්ථකථනය අන්‍යාගමිකයින් මරා දමන්න යන්නයි.
      නබි තුමා මිය ගොස් වසර 1100කට පසුව අරාබියේ ඉපදුනු “වහාබ්” නමැති පූජකයා මෙලෙස කුරානයේ
      වදන් බොහොමයකට තමන් කැමති අර්ථකථන දුන්නා.
      සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් වරුන් පවා මේ වහාබ්වාදය යටතේ මරණ තර්ජනයට ලක් වෙලා.
      බුර්කා අදින එකත් වහාබ්වාදයේ ලක්ෂණයක්.

  2. sathya says:

    තමන් දැනුවත් නොකර දෙදෙනෙකු පමණක් ඇමතිධුර දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවත් අගමැතිවරයා පවසා තිබේ.

    කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රබල උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

    • 77 UNP says:

      දැන් පෙනෙනවා නේද සියලු මුස්ලිම් ඇමතිවරු හට එකවර ඉල්ලා අස්වැන්න උපදෙස් හෝ නියෝග දුන්නේ කව්ද කියල? ඒ රනිල් වික්‍රමසිංහ.

  3. Loku Ayya says:

    ඔය රනිල් කියන අපත අගමැට්ටා බදූයුර්දීන් වෙනුචෙන් ඇදුම් නැතුවම කඩේ යන බව පෙන්වන කදිම උදාභරණයක් මේක.

    • විස්කි මැඩම් says:

      ආරක්ෂාවට සහ ආගමික නිදහසට තර්ජනයක් වන වහාබ්වාදය ලංකාවේ තනහම් කරන්න බැරිද?
      තහනම් කරණ එකට විරුද්ධ වෙන්නේ කවුද කියලත් එතැනදී හොයා ගන්න පුළුවන්.

  4. Aurora says:

    අන්තවාදී වහබ්වාදය පසුපස ඉන්නේ රිෂාර්ඩ් බදුර්දීන් ය. ඔහුට සියලුම අනුග්‍රහයන් සපයන්නේ රනිල් වික්‍රමසිංහ බව පෙනේ. ISIS ඇමෙරිකන් බළල් අතක් නිසා එහි ශ්‍රී ලංකාවේ අණදෙන නිලධාරියා රනිල් බවට කරුණු එළිදරව් වෙමින් පවතී. ISIS සන්නද්ධ වී තිබෙන්නේ වහබවාදී මුලධර්ම වාදීන්ගෙන් වන අතර ත්‍රස්තවාදීන් ගොනුකරගැනීමටත්, පවත්වා ගැනීමටත්, මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා මනස සෑදීමටත් අන්තවාදී වහාබ් මතවාදය යොදාගනී. මේ සියල්ලේ අවසාන සේවය රනිල් මෙහෙයවන ඇමෙරිකාව ප්‍රමුඛ ධන වැද්දන්ටය. UNP යට චන්දෙ දෙන ශ්‍රී ලාංකිකයෝ පව්.

    • සුරං says:

      ඔබ හරියටම හරි.
      2015 දි ඡන්දය දුන් 62 ලක්ෂයගේම අපේක්ෂාව වුණේ මේක ද??????????
      ඉදිරියටත් මොවුන්ට ඡන්දය දෙන්න අයගේ බලාරොත්තුවත් මේකද ????????

  5. ඇත්ත යථාර්ය says:

    රනිල් සියලු යටිකූට්ටු වැඩවල පසු පස ඉන්නවා. රට. ජාතියට හිතවත් නැත.

  6. Upul says:

    As I see there is a huge problem between the President and the PM. Whatever one person does the other always disagree. This is not the proper way to run a country, and I suggest both of them should stop this or get lost.

  7. Vasana says:

    උඩඟුකමෙහි ලක්ෂණ එකට එක කිරීමලු

Main News