කබීර් හෂීම්ට එරෙහිව ලක්‍ෂමන් යාපා ඒකපුද්ගල විරෝධතාවක.. ඇමති ධුරයේ වැඩ බාර නොගනී..

June 3, 2017 at 10:00 am | lanka C news
කබීර් හෂීම්ට එරෙහිව ලක්‍ෂමන් යාපා ඒකපුද්ගල විරෝධතාවක.. ඇමති ධුරයේ වැඩ බාර නොගනී..

තම රාජ්‍ය ඇමති ධුරය සදහා වෙන් කර තිබූ කාර්යාල පරිශ‍්‍රයෙන් කොටසක් ඇමැති කබීර් හෂීම් විසින් අල්ලා ගැනීමට විරෝධය පල කරමින් එම ගැටළුව විසදන තෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ධුරයේ වැඩ බාර නොගැනීමට ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

අබේවර්ධන මහතා විසින් මේ බව අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණට දැනුම් දී ඇති අතර සඳුදා දිනයේ එම ප‍්‍රශ්නය විසදන බවට ලේකම්වරයා පොරොන්දු වී ඇත.

ඊයේ දිනයේ වැඩ බාර ගැනීමට සිටි අබේවර්ධණ මහතා මෙම ප‍්‍රශ්නය මත වැඩ බාර නොගෙන පිටත්ව ගියේය.

0 views

2 Comments to “කබීර් හෂීම්ට එරෙහිව ලක්‍ෂමන් යාපා ඒකපුද්ගල විරෝධතාවක.. ඇමති ධුරයේ වැඩ බාර නොගනී..”

  1. රාහුල කොලුවා says:

    රූපවාහිනි කැමරාවක් ඉස්සරහට ඇවිල්ල දෙන්නා රණ්ඩු කර ගන්නව නං අපිටත් ආතල් එකක් ගන්න තිබ්බා…

    • asaranaya says:

      දැන් ඔහෙම රන්ඩු වුනාට රැට රැට එක යහන් ගැබේ, මුන්ගෙ සෙප්පඩවිජ්ජා

Main News