කම්කරුවන්ට දහසක වැටුප ගෙවිමට සුදානම් බව වතු හම්පුතුන් කියයි..

March 27, 2021 at 2:27 am | lanka C news
කම්කරුවන්ට දහසක වැටුප ගෙවිමට සුදානම් බව වතු හම්පුතුන් කියයි..

වතු සමාගම් ,පෙද්ගිලක තේ කර්මාන්ත ශාලා හිමියන් , කුඩා තේ වතු හිමියන්  රජයෙන් සහන ඉල්ලා ඇති බවත්, වැටුප් පරිපාලක සභාවේ අනුමත කල රු දහසක වැටුප තමන් ගෙවිමට සුදානම් බව වතු හම්පුතුන්ගේ සංගමයේ මාධ්‍යය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා පැවසිය.

රොෂාන් රාජදොරේ මහතා ඒ බැව් කියා සිටියේ (26) දින රදැල්ල ප්‍රදේශයේ පැවති හේලිස් වැවිලි සමාගමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

වතු සමාගම් සහ පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්, කුඩා තේ වතු හිමියන් හැමෝට සහනයක් ඉල්ලලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උසාවියේ  කටයුතු වෙමින් පවතිනවා.

දැනට ගැසට් කරලා තියෙනවා වැටුපක්, අනිවාර්යෙන්ම අපි ඒක ගෙවනවා. නඩුවෙන් සහනයක් ලැබුණොත් අපි ඒගැන බලමු.

2019 ඉදන්ම රු දහස ගෙවන ක්‍රමවේදයක් කිව්වා, අපි ගෙනාපු ක්‍රමවේදයට වෘත්තිය සමිති අකමැති වුණා.

වැටුප් පරිපාලක සභාවට යන්න ඕනි කිව්වා. ඒ නිසා අපිට සාමුහික ගිවිසුමෙන් අයින් වෙන්න සිදු වුණා.

ක්‍රමවේදයේ තමයි ගැටළුව, අපි දුන්න ක්‍රමවේදය වතු කම්කරුවන්ට, තේ ක්ෂෙත්‍රය පවත්වාගෙන යන්න පුළුවන් එකක්.

වැඩියෙන්ම වැටුප් ගෙවන අංශය වෙලා තියෙනවා මේක, 100% පඩි වැඩිවිමක්.

මන් දන්නේ නැ ආණ්ඩුව ඒකෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා.

වැටුප් පාරිපාලක සභාව කියන්නේ නිතියානුකුල මණ්ඩලයක් , ඒකෙන් තිරණය කල ගාණ අපි ගෙවනවා.

ගිවිසුමෙන් අයින් වුණ නිසා නිතියානුකුල බැදිමක් නැ කියලා තමයි අපි කියන්නේ.

ආපසු සාමුහික ගිවිසුමකට එන්න ඕනි කිව්වොත් ඒකට අපේ විරුද්ධත්වයක් නැ. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,652 views