කම්කරුවන් නිලධාරීන්ට පහර දෙති.. වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක්…

October 2, 2021 at 6:30 am | lanka C news
කම්කරුවන් නිලධාරීන්ට පහර දෙති.. වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක්…

තේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු පාලන අධිකාරියේ නිලධාරින්ගේ ජිවිත වලට එල්ල වන තර්ජන වැඩි වි ඇති බවත්,වතු කම්කරුවන්ගේ පහර දිම් හමුවේ තම නිලධාරින් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පැවසිය.

දායල් කුමාරගේ මහතා ඒ බැව් කියා සිටියේ තලවකැලේ වතු යායේ සහකාර වතු අධිකාරිවරයෙකුට සහ ක්ෂෙත්‍ර නිලධාරින් දෙදෙනෙකුට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් පසුගිය දා අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සිය විරෝධය දැක්විම සදහා (01) දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා කියා සිටියේ

තලවකැලේ වතු යායේ සහකාර වතු අධිකාරිවරයට පහර දිම සම්බන්ධයෙන් අප සංගමය දැඩි ලෙස විරෝධය පල කරනවා.

මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් තියනවා . සමහර විට සකේත වැඩ වර්ජනයකට යන්න වෙනවා නිලධාරින් විදිහට , තවමත් ඒ පිලිබදව තිරණයක් නැ .

අපි රාජකාරි කටයුතු සිදු කරන්නේ අපේ පාඩුවේ, තලවකැලේ සිද්ධිය ඉතාමත් අසෝභනයි, එම සහකාර වතු අධිකාරිවරයා එම වතුයායට ඇවිල්ලා මාස තුනක් නැ .

අපි නේද මැදිහත් වෙලා රටට අදායමක් ගෙනල්ලා දෙන්නේ, කොරොනා කාලේ එන්නත් නොමැතිව අපි වැඩ කලා.

අපිට එන්නත් ලබාදෙන්න කියලා , ජනාධිපතිවරයාට , හමුදාපතිට සැම කෙනාට ලිපි ලිව්වා , මේ ආණ්ඩුව වැවිලිකරුවන් අමතක කරලා දැම්මා.

අපිට සහයට ඉන්න අය තමයි වතු නිලධාරි මණ්ඩලය, ඒ නිලධාරින් මණ්ඩලයේ අත් කඩනවා , ඒ මිනිස්සු රැකියාවට එන්නේ අත් කඩා ගන්න නෙවෙයිනේ.

මෙවැනි සිදු විම් අයෙත් සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි මිට කලින් ඇමතිවරුන් , වෘත්තිය සමිති එකතු වෙලා සාකච්ඡා කරා , නමුත් එකෙන් කිසිදු ප්‍රතිඵලයක් නැ.

මේකට කිසිදු ක්‍රියාමාර්ගයක් සිදු වෙන්නේ නැද්ද , මිනි දෙක තුනක් වුණාමද පියවර ක්‍රියාත්මක වෙන්නේ?

අපිට කිසිදු ආරක්ෂාවක් නැ මේ ක්ෂේත්‍රයේ ,  අපි ලිපියක් යොමු කරනවා ජනාධිපතිතුමාට , මේකට පියවරක් ගන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි.

පහර කැමට ලක් වු සහකාර වතු අධිකාරිවරයාට සිදුවන අතුරු ප්‍රතිඵල ගැන අපි දන්නේ නැ, ඔහුව කොළඹ  රෝහලකට යොමු කරලා තියෙනවා.යනුවෙන් පැවසිය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට වතු ගණනාවක් වතු අධිකාරිවරුන් රැසක් සහ සහකාර වතු අධිකාරිවරුන් රැසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,426 views

3 Comments to “කම්කරුවන් නිලධාරීන්ට පහර දෙති.. වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක්…”

  1. ආසා says:

    ශ්‍රී ලංකාවේ ජන සමාජය තුල වයිරය, ක්‍රෝධය , පලිගැනීම , එකිනෙකා මරා ගැනීම ආදීය තව දුරටත් වර්ධනය කර ගැනීමට ලෝකයම උදව් කල යුතුය. මන්දඑය අනාගතයේ අනෙකුත් රටවල් වල ජීවත් වන යහපත් ගුණගරුක මිනිසුන්ගේ පැවැත්මට එය ඉතා උපකාර වන නිසාය. දුශ්ට මිනිසුන් ලෝකයේන් අතුරුදහන් කිරීම කෙසේ හෝ සිදුකළ යුතුමය

  2. Jagath says:

    මෙම පහදිම් පිටුපස දෙමල පක්ශ සිටියහැක. මෑතකසිට සිංහල නිලදාරීන්ට දෙමල වතුකම්කරුවන් පහරදීම් වැඩිවී ඇත. දෙමල වතුකම්කරුවන් කුලප්පුකිරීම පසුපස කවුද සිටින්නෙ කියලා ගැඹුරින් සොයාබලන්න.

  3. Kalu Albot says:

    Jagathta methanath waargika prashnayakne dakinne! Api kohomada e minisunge warige gana danne? Minissu wathu adhikaaree kenekuta nikam pahara denne nahane. Poorwa nigamana nathuwa Palamuwenma e gana sewiya yuthuyi.

Main News