කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්.. අට දෙනෙක් රෝහලේ..

June 9, 2019 at 2:06 am | lanka C news
කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්.. අට දෙනෙක් රෝහලේ..

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වු වතු කම්කරුවන් අට දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පදුරත් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින වතු කම්කරුවන් කියා සිටියේය.

මෙම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 7 දෙනෙකුට සහ වතු කම්කරුවෙකුට බඹර ප්‍රහාරය එල්ල වි ඇති බව පොලිසිය පැවසුවේය.

ප්‍රහාරයෙන් තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවය  දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6 views
Main News