කම්කරුවෙකු පාරේ වැටි තිබු පනස්දෙදහසක මුදලක් අහුලයි.. අයිතිකරු සොයා බාර දෙයි..

October 28, 2021 at 4:40 pm | lanka C news
කම්කරුවෙකු පාරේ වැටි තිබු පනස්දෙදහසක මුදලක් අහුලයි.. අයිතිකරු සොයා බාර දෙයි..

හැටන් නගරයේ අතුරු මාර්ගයක පිරිසිදු කටයුතු සිදු කරමින් සිටියදි හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවෙකු විසින්  අහුලාගත් රු පනස් දෙදහසක මුදල් සහිත පාර්සලයක් ආපසු අයිතිකාරිනිය වෙත ලබා දිමට එම කම්කරුවා විසින් (27) දින පියවර ගෙන ඇත.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ආර්.ජේ.සෙල්වම් (43) නැමති සයදරු පියා (27) දින උදැසන නගරය පිරිසිදු කිරිමේ කටයුත්තේ නියැලි සිටින අවස්තාවේ මුදල් සහිත පාර්සලය හමු වි ඇත.

ඔහු මුදල් පාර්සලය හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා වෙත ගෙනගොස් භාරදිමට එම කම්කරුවා පියවරගෙන තිබුණි.

දැඩි ආර්ථික අපහසුතා මැද ජිවත් වන එම කම්කරුවා සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ දිනවල සැම කෙනෙකුම ආර්ථික අපහසුතා මැද ජිවත්වන නිසා මෙම මුදල් සහිත පාර්සලය නියම අයිතිකරු සොයා ලබාදෙන ලෙසයි.

මුදල් සහිත පාර්සලය අස්ථානගත කර ගත් හැටන් ආරියපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් තම නැති වු මුදල් සහිත පාර්සලය සොයා ඇය නගරයට පිවිස මාර්ගය දිගේ සොයමින් පැමිණෙන අවස්තාවේ නගර සභාවේ තවත් කම්කරුවෙකු එය දැක ඇයගෙන් කරුණු විමසා එම මුදල් සහිත පාර්සලය නගර සභාවේ සභාපතිවරයාට භාර දි ඇති බවට දැනුම් දිමෙන් පසු එම දෙදරු මව නගර සභාවට පැමිණ මුදල් සහිත පාර්සලය සොයා භාරදුන් සේවකයාට සහ නගර සභාවේ සභාපතිවරයාට ස්තුතියි කරමින් රු පනස් දෙදහසක මුදල ආපසු භාරගනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,869 views

7 Comments to “කම්කරුවෙකු පාරේ වැටි තිබු පනස්දෙදහසක මුදලක් අහුලයි.. අයිතිකරු සොයා බාර දෙයි..”

  1. SL says:

    අනුන්ගේ දෙයින් ගෙදර දොර හදල දරුවන්ට කන්න බොන්න දෙන්න ආස නැති නියම මිනිසෙක් ………

    රට මෙච්චර වැටිලා තියෙද්දිත් කොමිස් ගහන,පගා ගහන, හොරට OT ගන්න, හොරට රජයේ මුදල් ගන්න මැති ඇමතිලා සහ රජයේ සේවකයින්ටත් මෙහෙම හිතෙනවා නම්.. ඉර අනිත් පැත්තෙන් පායයි වත් ද ?

  2. citizen says:

    Some good hearted person should collect some money and give it to the great labourer

  3. wimalasena H.D. says:

    ara mudal nethiwelaa newathath hambawuna geninam niyama kuhakiyek wennethi. niyama geniyeknam ahulalaa dunna kamkaruwaata keeyakhari dei. meken penne oki niyama sinhala peretha geniyek kiyalai.

  4. 3% ට බය බයියා. says:

    හොද වෙලවේ ඕක දේශප්‍රේමී දේශපාලකයෙකුට හම්බ නොවුනේ.

  5. Janaka from Matara says:

    A true local.

  6. Priya says:

    මෙන්න me වගේ අයට “garu ” vachana කියන්න puvan. 👍👍👍👍

Main News