කම්කරු දිනය වෙනස් කරන්න බෑ.. මැයි පළමුවැනිදා අපි සමරනවා..- ජවිපෙ

April 17, 2018 at 6:48 pm | lanka C news
කම්කරු දිනය වෙනස් කරන්න බෑ.. මැයි පළමුවැනිදා අපි සමරනවා..- ජවිපෙ

මැයි පළමුවැනිදා ලෝක වැඩකරන ජනතාවගේ දිනය බවත් එය වෙසක් සතියේ දිනයක් වුවත් තම පක්ෂය මැයි පළමුවැනිදා මැයි දිනය සමරන්නේ යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පක්‍සයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ කිසිම කරුණක් නිසා මැයි දිනය වෙනස් කල නොහැකි බැවින් එදිනට යාපනයේ දී මැයි දිනය සමරන බවයි.

කෙසේ වෙතත් වෙසක් උත්සවයට බාධාවක් යයි මහනායක හිමිවරුන්ගේ සාධාරණ ඉල්ලීම අනුව ඊට බාධා නොවන යාපනයේ දී මැයි දිනය සමරන බවද ලේකම්වරයා සදහන් කරයි.

එමෙන්ම රජය විසින් නම් කර ඇති මැයි හත් වැනිදාද තම පක්‍ෂය කොළඹ දී මැයි පෙළපාළියක් හා රැළියක් පවත්වන බවද ඔහු කියා සිටියේය.

123 views

27 Comments to “කම්කරු දිනය වෙනස් කරන්න බෑ.. මැයි පළමුවැනිදා අපි සමරනවා..- ජවිපෙ”

  1. amara says:

    Who cares JVP? No vote base for them, dying party like Communist party in SL.

  2. Anura K D says:

    ඇත්තටම JVP කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති බලයට කෑදර මෝඩ පක්ෂයක්.
    බලයට ඇති කෑදර කමට ඇත්ත වසන් කරලා අනුන්ට බැන බැන ඉන්නවා. කවද හරි JVP ආණ්ඩුවක් හැදුවොත් (කවදාවත් කරන්න බැරි දෙයක් ) ඒ ආණ්ඩුවත් පෙරලන්න දගලන්නෙ JVPතමා. මොකද හොද පුරුදු අතාරින්න බැනේ……………..

  3. පිඩැල්ලෙ කස්ට්‍රෝ says:

    ජෙප්පො වෙසක් දවසේ මැයි දිනය පැවැත්වුවොත් උන්ට දකුනෙ
    මිනිස්සු හූ කියල, ගලුත් ගහනව. ඒ බයට තමා උන් ඒක යාපනේ
    පවත්වන්නෙ.

Main News