කම්කරු පත්වීම් වලට උපාධිධාරීන්ද අයදුම් කරති…
October 16, 2017 at 8:02 am | lanka C news
ඩෙංගු මදුරු මර්දන සහයකයින් 200 කට පත්වීම් ලිපි ප්රදානයබොරැල්ල කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “2016 සහ 2017 වර්ෂවල ඇද හැලුණු වර්ෂාව සහ ගං වතුර ඩෙංගු ව්‍යාප්තියට බලපා තිබෙනවා. එම වසංගතය ඉතාම කෙටි කාලයකින් මර්දනය කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැසසුමට ලක්කලා.”
“ඩෙංගු මදුරු මර්දන සහයකයන් 1500 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට මම කටයුතු කලා. වාහන 50 ක් මෙන්ම ජර්මනියෙන් ආනයනය කල දුමායන යන්ත්‍ර 507 ක්ද ලබා දුන්නා. දුමායන වැඩපිළිවෙල නිසි අයුරින් සිදුවීම නිසා ඩෙංගු රෝග ව්‍යාප්තිය 90% කින් අඩු වුණා. ඩෙංගු සහ HIV පාලනය කිරීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ කම්කරු පත්වීම් වලට උපාධිධාරීන්ද අයදුම් කරනවා. එම තනතුරේ සිට ඉහළට යාමට එම උපාධිධාරීන් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 9.5 ක් පමණ වන රැකියා විරහිත වූවන්ගෙන් මෙවන් හෝ රැකියාවක් ඔබට ලැබීම අගය කල යුතුයි. එය වාසනාවක්ද වනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6 සම්මාන 2 ක් නොමැති අයට තමයි මෙම රැකියාව හිමි වන්නේ. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඩෙංගු මර්ධනය සඳහා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න. රාජකාරිය අකුරට ම සිදු කරන්න.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් B.G.S. ගුණතිලක මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ මහතා, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ හසිත තිසේරා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
Lankaawe sinhalayo patta modayo, ithin deshapaaluwata kawadath raja magul
උද්ගෝශණ විතරක් කරන්න දන්න එවුන්ට කම්කරු වැඩක්වත් කරන්න පුලුවන්ද දන්නෙ නෑ. ආපු දවසෙ ඉඳන් වර්ජන පටන් ගනී.
ආර්ට්ස් ජොබ් එකක් කරපු එවුන්ට කවුද බන් කම්කරු රස්සාවක් හැර වෙන රස්සාවක් දෙන්නේ ? මුන් හිතන්නේ ආර්ට්ස් ඩිග්‍රී එක හරියට දොස්තර හරි ඉංජිනේරු ඩිග්‍රිය හරි වගේ කියලා. මම දන්නා එකෙක් ආර්ට්ස් දිගහරී එක කරලා දැන් උ නගර සබාවේ කුණු අදිනවා. හැබැයි උ මාසෙට ලක්ෂෙක විතර නගර සබාවේම හොරවැඩවලින් මාටියා ගහලා හොයාගන්නවා. මගේ පියාගේ ව්‍යාපාර 5ක් ලංකාවේ තියෙනවා. සේවකයන් සහ නිලධාරින් 400ක් විතර වැඩකරනවා. ලබන වසරේ ඉඳලා මම ලංකාවට ආවම එහි කලමනාකාර්ත්වය භාරගන්නවා. තව ව්‍යාපාර 3ක් පටන් ගන්න යනවා. 300කට විතර රැකියාවල්. එත් එකෙක්වත් මේ විශ්වවිද්‍යාලයෙන් ආර්ට්ස් ඩිග්‍රී තියෙන එවුන්නම් ගන්නේ නැහැ
යාපනය දිස්ත්‍රික්කයේ කළපු ආශ්‍රිතව තිබෙන හිස් ඉඩම් අක්කර බාගය බැගින් එම ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබා දී එම ඉඩම්වල මසුන් සහ ජලජ පැළෑටි වගාකිරීම සඳහා ඔවුන් උනන්දු කරවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ තීරණය කර තිබේ. සින්හලයනි උබලට අයිති ඉඩම්
මුන්ට දෙන්නේ ඇයි උබලත් සටන් කර මේවා ලබා ගනිල්ලා
Umbe appata viyapare 5 tiyela wadiveyan kiyala kiyapan.kudda.
Umbe appata viyapare 5 tiyela wadiveyan kiyala kiyapan.kudda.