කම්මැලි රාජ්‍ය සේවය ගැස්සෙන වැඩක් ජනපති අරඹයි.. පෙර නොදන්නවා රාජ්‍ය ආයතන නිරීක්‍ෂණය අරඹයි..

December 18, 2019 at 6:30 am | lanka C news
කම්මැලි රාජ්‍ය සේවය ගැස්සෙන වැඩක් ජනපති අරඹයි.. පෙර නොදන්නවා රාජ්‍ය ආයතන නිරීක්‍ෂණය අරඹයි..

රාජ්‍ය ආයතන වල කටයුතු කාර්යක්ෂමව සිදුවන්නේ දැයි සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ව දැනුම් දීමකින් තොරව රාජ්‍ය ආයතනවලට නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇත.

එහි පළමු කටයුත්ත ලෙස ජනාධිපතිවරයා ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාර්කාවක් සිදු කලේය.

එම ආයතනය කාර්යක්‍ෂම ලෙස ජනතාවට සේවාව සපයන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් ඇතිවිම බිම්සවිය ව්‍යාපෘතිය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් යයි පවසා ඇති ජනාධිපතිවරයා තමන්ගේ සහාය ද ඊට තවදුරටත් ලබා දෙන බවද සදහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරි දිනවලදීද පෙර දැනුම්දීමකින් තොරව සෙසු රාජ්‍ය ආයතනවලට ද ගොස් කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතය.

385 views

19 Comments to “කම්මැලි රාජ්‍ය සේවය ගැස්සෙන වැඩක් ජනපති අරඹයි.. පෙර නොදන්නවා රාජ්‍ය ආයතන නිරීක්‍ෂණය අරඹයි..”

  1. දේශප්‍රේමියා says:

    ජනාධිපතිතුමණි ,
    පලමුවෙන්ම කොලඹ මහනගරසභාව නිරීක්ෂණය කරන්න.
    (සේවකයින් රාජකාරී වැඩ හැරුනකොට අනෙකුත් සියලුම තමන්ගේ පුද්ගලික කාර්‍යයන් රාජකාරී වේලාවේදී ඉටුකරගන්නා සොදුරු ආයතනයකි.කාර්යාලය පුටු මේස දහස් ගනනක් ඇතිමුත් රාජකාරි වේලාවලදී තමන්ට අදාල ස්ථානයේ රැදී නොසිටින,වෙනයම් කෙනෙකුගෙන් අදාල පුද්ගලයා ගැන විමසුවහොත් , ආ… ඒ මිස් මේ දැන් එලියට ගියේ යැයි ඔවුන්ව ආරක්ශාකිරීමට බැදුනු නිහතමානී සේවක පිරිසකගෙන් සැදුම්ලත් අපූරු රාජ්‍ය ආයතනයකි.)

    *** යමින් එමින් ගමන් ඉඩක් ලැබුනොත් කලින් නොදන්වා අතුරුගිරියේ මහජන බැන්කු ශාඛාවටත් ගොඩවී යන්න ජනාධිපතිතුමණි

  2. තනූ says:

    මමත් රාජ්‍ය සේවකයෙක්.මගේ අංශයේ නම් හැමෝම නිතරම වැඩ.අපි මේ වැඩපිළිවෙළට හරිම කැමතියි. අතිකාල නොගෙන වැඩ ඉවර කරගන්න සති අන්තෙටත් කාර්‍යාලෙයට එන අපේ කැපවීම අපේ ලොක්කට පේන්නැහැ.අපි තවම වයසට ගිහින් නැහැ.අපේ දැනුමෙන්, අපේ ශක්තියෙන් රාජ්‍ය සේවයට මීටත් වඩා වැඩ කරන්න පුලුවනි.අපෙන් වැඩ ගන්නැහැ. අවුරුදු 3ක් ම මම මේ කාර්‍යාලෙ නිකම් හිටිය.දැන් තමයි වැඩක් කරන්නෙ.

Main News