කයිවාරු සමාජවාදය බිහි කළ එකම රට ශ්‍රි ලංකාවයි… භාණ්ඩාගාරය කැමැති වුනත් නැතත් මං වැඬේ කරනවා..

March 8, 2017 at 8:02 am | lanka C news
කයිවාරු සමාජවාදය බිහි කළ එකම රට ශ්‍රි ලංකාවයි… භාණ්ඩාගාරය කැමැති වුනත් නැතත් මං වැඬේ කරනවා..

ශ්‍රී ලංකාවට ආනයනය කරන පිළිකා ඖෂධ සහ හෘද රෝග සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල නියාමනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ අනුව ස්ටෙන්ස් සහ පිළිකා ඖෂධ වෙළෙදපොලේ අලෙවිවන මිලගණන් සහ මිල අවම කිරීමට ගතහැකි ක්‍රීයාමාර්ග පිළිබද වාර්තාවක් සකස් කර කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරීම මෙන් කඩිනමින් මෙම මිල නියාමනය ද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව සදහන් කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සදහා ජපන් ආධාර මත ඉදිකිරීමට යෝජිත ඖෂධ ගබඩා සංකීර්ණය සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමෙි අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“රාජ්‍ය ව්‍යවසාය ලාභදායි අන්දමින් ඉදිරියට ගෙනයාම මාගේ අරමුණයි. මූල්‍යකරණය සදහා වෙනම විශේෂිත පුද්ගලයින් පත්කර පුහුණු කළ යුතුයි. මෙම ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීම තුළින් වියදම් අඩුකර ගත හැකි වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සියයට 160.1 ක වර්ධනයක් මෙි වනවිට ලබා තිඛෙනවා.රාජ්‍ය ඖෂධ නීෂ්පාදන නීතිගත සංස්ථාවත් සියයට 100 ක වර්ධනයක් ලබා තිඛෙනවා. මීට පෙර මම අමාත්‍යධූර හෙඹ වූ අමාත්‍යාංශවල සියළු රාජ්‍ය ආයතන ද ලාභ ලැබුවා. ඇතැම් ආයතනවල අලාභය සමබර කළා. ධිවර සංස්ථාවෙි ශාඛා 154 ක් දිවයින පුරා පිහිටුවා පෞද්ගලික අංශය සමග සටනක නිරත වුනා. රැකියා විරහිත පුද්ගලයින් 700 කට රැකියා ලබාදෙමින් රුපියල් මිලියන 123 ක අලාභයක් ලැබූ සංස්ථාවෙි අලාභය මිලියන 2 දක්වා අඩු කළා. රාජ්‍ය ව්‍යවසායත් වාණීජකරණය කිරීමට හැකියාව තිඛෙනවා. මම කිසිදු රාජ්‍ය ආයතනයක පාලනයට බලපෑම් එල්ල කරන්නේ නැහැ. ස්වාධීනව සිදු කිරීමට අවස්ථාව උදා කර දී තිඛෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන තිඛෙනවා. ඒ සදහා ඖෂධ සමගම් 36 ක් ඉදිරිපත්ව ඇති අතර, වසර 2020 වනවිට ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් රුපියල් බිලියන 35 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. ඖෂධ මිල පාලනය සරළ නැහැ. ඖෂධ මිල ඉදිරියටත් අඩු කරනවා. ඖෂධ සමාගම් වලට යටත් වන්නෙත් නැහැ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂය වැනි ධනපතීන් සිටින රජයකයි. කයිවාරු සමාජවාදය බිහි කළ එකම රට ශ්‍රි ලංකාවයි. ජිවිත පුජා කරමින් සමාජවාදය මෙරට දී බිහි වූයේ නැහැ. සෞඛ්‍ය සේවාව නංවාලීමෙි වැඩසටහන සදහා ඇතැම් වෛද්‍යවරුන් සහයෝගය ලබාදෙනවා. තවකොටසක් එය කඩාකප්පල් කරනවා. වෙළෙදපොලේ පෞද්ගලික අංශය සිදු කරන වැරදි ක්‍රියා පාලනය කළ හැක්කේ රාජ්‍ය අංශයටයි. පක්ෂ සියල්ල රාජ්‍ය අංශය පිළිගෙන තිඛෙනවා. ආයතනය ලබන ලාභයෙන් කොටසක් සේවක සේවිකාවන්ට ලබාදිය යුතුයි. මහා භාණ්ඩාගාරය කැමැති වුනත් නැතත් එම ලාභය ලබාදීමට මම කටයුතු කරනවා.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

One Comment to “කයිවාරු සමාජවාදය බිහි කළ එකම රට ශ්‍රි ලංකාවයි… භාණ්ඩාගාරය කැමැති වුනත් නැතත් මං වැඬේ කරනවා..”

  1. Gamarala says:

    Obathumata budunawa lebenna.

Main News