කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට…

December 9, 2021 at 12:40 pm | lanka C news
කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට…

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත.

රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

21,306 views

17 Comments to “කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට…”

  1. මැගිලින් says:

    මෙයාල තියනව නේද මරු නඩුවකුත්

    • බිංකුණ්ඩා says:

      ඉතිං ඊටත් වඩා මොන සුදුසුකම්ද?

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දැන් ඒ නඩුවට උඹ හිරේ යමන්.,

    • තියෙනවනෙ …කෙලෙහිගුන නොදන්න….සින්හල හාල්පාරු, කාලකන්නි ඉන්න රටක් කොටින්ගෙන් බේරගන්න උදව් කලාට……

    • MD says:

      රනිල් අනුර සජිත් කල්ලි ඵ් දවස් වල LTTE ත්‍රස්තවාදීන්ගේ ලුතිනල් කර්නල් පදවිවලට ඔලුව නමාගෙන හිටිය නම් මෙවැනි ශේෂ්ඨ රණවිරුවන් ලංකාවේ ඕන පදවියකට පත්වූනාම ඔයාට ප්‍රශ්ණයක් ද?

  2. තණමල්විල අපි says:

    ඇස් ඇෆ් මහත්තයා දැන් ගුගුරයි………..
    සේරිවානිජයි කච්චපුටයි නේ.
    අපිට නං දැන් කෝකා කෝකට ගියත් එකයි..
    නෝ එනි ගොඩයාමක්.
    ගොඩ යාම බයි සී තමා ඉතින්
    මාලදිවයිනට පනීන්න බෝට්ටුවක් හොයා ගන්න ඔනි..
    තව පරක්කු උනොත් ඒකත් හොයා ගන්න බැරි තරං බිසී වෙනව​..

  3. ඟුනසාර දෙක says:

    ඟුනසාර දෙක

  4. Prof Rohan Rajapakse says:

    Excellent choice. Wasantha Karannagoda is a hero kept the NP sea free of LTTE and prevented the escape of Prabhakaran in 2009 which enabled the defense forces to keep the country without terrorist influence. We are very happy about this appointment and he did a good service as an Ambassador to Australia

  5. baමුනා says:

    මේ ආන්ඩුව අපරාද කාරයන්ටමයි තැන දෙන්නේ…..

    • Ruhdtug says:

      Mona parayekda me bamuna kiyala comment karala thiyenne!!!??? WK yuda jayagrahanaye niyamuvek! Ayuda new gillala bara avi unda aadiya neveththuve neththang yuddaya dinanna amaaru wena.. marana thava wediwenawa.. thawa kal yanawa.. samahara wita kal giya nang parada wee rata dekada weematath thibuna..

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹල ගාව ඉන්නෙ තවුසොද?

  6. සරත් පොන්සේකා says:

    මං ඉද්දි කෝහොමද මූට දෙන්නේ මම නේ යුද්ධ කරේ. මට වඩා කෙරුමෙක් ඉන්නවද මුළු ලංකාවේ ?

  7. LalithM says:

    ආණ්ඩුකාරකම කියන්නේ උඩින් කියන ඕනම ජඩවැඩක් කරවන කෙනෙකුට නේද. එහෙම නම් මෙයා තනතුරට ඉහලින්ම සුදුසුයි.

  8. Asela says:

    මහනායකවරු අපවත්වුනොත් හමුදාවේ එවුන් පත්කරයිද දන්නේ නැහැ. මල්වතු පාර්ශවයේ මේජර් ජනරාල් අහවලා කියලා

  9. රංජන් says:

    බොරැව වංචාව නැති මහත්මා ගතිගුන ඇති වග රටට වැඩදායි මනුස්සයෙක්. දේශපාලුවො ඔබතුමාට ගමනක් යන්න දෙයිද කියල සැකයි. ජයවෙිවා.

Main News