කර්නල් රවිප‍්‍රිය ඉදිරියේ හිටපු කොටි සාමාජිකයන් හඩා වැටීම ඊළමට ද්‍රෝහීකමක්..

June 12, 2018 at 6:48 pm | lanka C news
කර්නල් රවිප‍්‍රිය ඉදිරියේ හිටපු කොටි සාමාජිකයන් හඩා වැටීම ඊළමට ද්‍රෝහීකමක්..

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කල ද්‍රෝහි කමක් බවට උතුරු පලාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජියේ ඊයේ (11) සවස පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සටියේ,

‘තමන්ට අණ දුන් පාලකයෙකු වෙන්වන අවස්ථාවේදී අපේ ගම් වල මිනිස්සු හැසිරෙන ආකාරය මේ වගේ තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් හිටපු කොටි සාමාජිකයින් මේ විදිහට හැසිරුණු එක වැරදියි මොකද අවුරුදු ගාණක් මේ රටේ දෙමළ ඊලම ඉල්ලා මිය ගිය කොටි සාමාජිකයින් සිදු කල ද්‍රෝහිකමක් කියලයි මම හිතන්නේ.

ස්ථානමාරුවීම ලබා ගිය කර්නල් වරයා හොඳ කෙනෙක් වෙන්න පුලුවන් නමුත් ඒ කර්නල් වරයාට එලෙස සැලකීම තුලින් අනෙක් පැත්තෙන් උතුරේ යුද හමුදාව කඳවුරු තුල තවදුරටත් රැඳි සිටිය යුතුයි කියන මතය මිනිස්සුන්ගේ ඔළු වලට යනවා මෙම සිදුවීම නිසා. යනුවෙනි.

කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ අනදෙන නිලධාරී වරයා වශයෙන් වසර පහමාරක් පුරාවට සේවයේ නිරත වූ යුදහමුදා ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු නිලධාරී වරයා පසුගිය 10 වනදා සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙතට ස්ථාන මාරුවක් ලබා යන අවස්ථාවේදී කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සිටි හිටපු කොටි සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හඩා වැලපුනු අවස්ථාව ඉතා සංවේදී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

82 views
Main News