කර්මාන්ත අමාත්‍යංශ හිටපු ලේකම් ඉල්ලා විශ‍්‍රාම යයි.. ඇමති විමල් සමග මත ගැටුම් බව කියයි..

June 18, 2021 at 3:00 pm | lanka C news
කර්මාන්ත අමාත්‍යංශ හිටපු ලේකම් ඉල්ලා විශ‍්‍රාම යයි.. ඇමති විමල් සමග මත ගැටුම් බව කියයි..

තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කල බව කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.

ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත යොමු කළ බව ඒ මහතා සඳහන් කළේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ ඇතිවන රාජකාරිමය මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද පැවසූ ලේකම්වරයා තමන්ට නිල වශයෙන් විශ්‍රාම යාමට තවත් වසර හතරක කාලයක් ඇතැයිද කියා සිටියේය.

67,380 views

29 Comments to “කර්මාන්ත අමාත්‍යංශ හිටපු ලේකම් ඉල්ලා විශ‍්‍රාම යයි.. ඇමති විමල් සමග මත ගැටුම් බව කියයි..”

  1. Prasanna says:

    විමල වගේ නූගත් මෝඩයෙක් සමග වැදගත් මහත්තයා ට වැඩ කරන්න පුළුවන් කමක් නැතිව ඇති, ඒකයි

  2. නාරද says:

    ගොඩක් ලේකම්ලා වැඩ්ඩෝ වාගේ පුම්බන් හිටියට ඇතුලේ හුලං, අනුන්ගේ විෂයයන් වලට ඇඩ් දමමින් රැකෙන්න බලනවා. මෙතුමා ගැන හිතලා කිව්වා නෙවේ. ‌ලේකම්කම සුදුස්සාට නොදෙන එක තමයි ලංකාවේ ප්‍රශ්ණය, ලේකම් කම ලැබෙන්නේ නාකි කමට, ‌ අධ්‍යාපන සුදුසුකම් ලගාකරගත් මෝඩයොත් වයසට යනවා.

    • කුමාර says:

      ටිකක් විතර ඇත්ත, ගොඩක් ලේකම්ලා රජයේ සේවය කරලා වයස නිසා තනතුරට පත්වුන අය. විශේෂඥයෝ නොවෙයි. ඉතින් රට යයිද?

  3. Sam Fernando says:

    බොහොම හොඳයි තොලොන්චි වෙලාම පලයන්. ගරු විමල් වීරවංශ ඇමතිතුමාත් එක්ක ඉන්න බෑ කියන්නේ උඹගෙ හොර වැඩවලට එතුමා කැමති නැති නිසා වෙන්න පුලුවන්. බොහොම හොඳයි ගෙදර ගිහිල්ලා හොඳ තැනක් බලා ගනින්. දෙවි පිහිටයි.

    • අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

      නොදන්න මගුලක් නොකියා හොයල බලල ලියපන්. පැල්පිට කියන්නේ මහින්ද ගේ දකුණු අතක්. මෙයා තමයි මහින්ද ගේ ගැහිලි වලට එක පාරක් අහුඋනේ. මේ පාර මහින්දව කපා ගෙන විමල් සහ ගම්මන්පිල වෙන ගමනක යන්නේ. කොහොමත් මේ මහින්දගේ අන්තිම පාර. දැන් ඉතින් මහින්ද ඔරුවෙන් විමල් ගෙම්මන්පිල එගොඩ වෙලා ඉවරයි. ඔරුව ඉතින් කරේ තියන් යන එකක් යැ. කොහොමත් හෙට අනිද්දට ගිලෙන්න තියෙන එකනේ.

      • viveka says:

        Mahindage nemei basilage dakunu athaki balal athaki. HIre giyeth BAsil ge contracts karanna gihin, hora kaalane. Ven ratata vadak karala nemeine. They are trying to portray to the rest of the country that Wimal and Gammanpila are difficult to work with. I too don’t particularly like them but a person has no gratitude for the people who are there for you in the down time are the ones who are worse

  4. මැදමුලනෙ මුත්තා says:

    මූ නේද සිල්රෙද්ද පොරවන්න ගිහිං ඉල්ලං කෑවෙ? ඒවගේද යකෝ පංචායුදෙන් කෑම.

  5. Piyarathne Gamage says:

    පිස්සො ඉන්න තැන්වල කවුද ඉන්න කැමති

  6. වැඩකරු says:

    විමල් වීරවංශ මහතා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැරි ඇයි? මෙතුමාට වාසියක් නැති නිසා අකමැතිද?