කර්මාන්ත රැසක් මැරෙන්න ඔන්න මෙන්න….

July 10, 2022 at 5:30 pm | lanka C news
කර්මාන්ත රැසක් මැරෙන්න ඔන්න මෙන්න….

බේරුවල නගරාශ්‍රිතව ඇති බි.ඕ.අයි. අනුමැති ලත් සැමන් කර්මාන්ත ශාලාවක් , ශීතාගාර සහිත අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ඇතුළු මහා පරිමාණ සහ කුඩා පරිමාණ කර්මාන්ත ඉන්ධන හා ගෑස් අර්බුදයෙන් වැසියාමට ආසන්න බව කර්මාන්ත වලින් යැපෙන සේවකයන් පැවසීය.

මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයට අනුයුක්තව ක්‍රියාත්මක මෙම කර්මාන්ත වල දහසකට වැඩි පිරිසක් සේවය කරමින්සිටියත් මේ වන විට ඇතිවී තිබෙන ප්‍රධානම ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන් සියයට 60% ක ගේ පමණ සේවය මේ වන විට අහිමි වී ඇති බවත් කියයි .

මෙම කර්මාන්ත වල නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකමින් සහ විදුලිය විසන්ධි වූ අවස්ථාවල මෙහිවිදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට ඉන්ධන සංචිත නොනොමැතිවීමෙන් මෙම කර්මාන්ත සියල්ලම වැසියාමට ලක්වියවෙමින් පවතින බව මේ වායේ හිමිකරුවන් ද පැවසීය.

ඉන්ධන විදුලිය ජලය සහ ගෑස් නොමැති කමෙන් තව දින කිහිපයකින් කර්මාන්ත වැසී ගිය හොත් මේවායේ ඉතිරිසේවක පවුල් ද නඩත්තු වීම සහ ආයතන හිමිකරුවන් දැඩි අගාධයකට ඇද වෙන බව කියයි .

මෙහි ඇතැම් මත්ස්‍ය නිෂ්පාදනකර්මාන්ත වලින් විදෙස් විනිමය ඉපැයීමට දායක වී තිබෙන බවත් එමගින් ද ඉන්ධන අර්බුදය හේතුවෙන් අපනයන කටයුතු වලට ඍජු බලපෑමක් එල්ල වී ඇතැයිද ඔවුන් සඳහන් කළහ.

කෙසේ වෙතත් රජය ක්‍රමවේදයක් අනුව මැදිහත්වී ඉන්ධන ලබා නොදුනහොත් බේරුවල ප්‍රදේශයේ පමණක් නොව රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්මකඩා වැටීමට ලක් වන බව ඔවුහු පෙන්වා දුන්හ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

26,810 views

17 Comments to “කර්මාන්ත රැසක් මැරෙන්න ඔන්න මෙන්න….”

  1. Rasika Herath says:

    ආ මේ රාජිතගේ බේරුවල සැමන් ෆැක්ටරිය ගැනද කියන්නේ

  2. පෙරෙට්ටා says:

    අන්තරෙන් තෙල් බෙදයි