කර්මාන්ත ශාලවකට ගිනි ගැනීමකින් දැඩි හානි… ගිනි තැබුවේදැයි සැකයක්…

March 17, 2020 at 2:04 am | lanka C news
කර්මාන්ත ශාලවකට ගිනි ගැනීමකින් දැඩි හානි… ගිනි තැබුවේදැයි සැකයක්…

යාපනය තෙන්මරාච්චි එලුදුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටි පොල් තෙල් කර්මාන්ත ශාලාවකට ගිනි ගැනීමෙන් දැඩි හානි සිදුව ඇති අබවට කොඩිකාමම් පොලීසිය පවසයි.

එලුදුමට්ටුවාල් ප්‍රදේශයේ ඒ-9 මාර්ගය ආසන්නයේ පිහිටි මෙම පොල්තෙල් කර්මාන්ත ශාලාව අසල පිහිටි කැලෑවක හදීසියේ ඇති වූ ගින්නක් පොල්තෙල් කර්මාන්ත ශාලාව පිහිටි භූමියට සීග්‍රෙයන් ව්‍යාප්ත වී ඇති අතර එහිදී කර්මාන්ත ශාලාව භූමියේ ගොඩගසා තිබූ පොල් ගෙඩි විශාල ප්‍රමාණයකට ගිනි ගැනීමෙන් විනාශ වී ඇත.

අදාල ගින්න කිසියම් පුද්ගලයෙකු ගිනිතබා පලා ගොස් ඇති බවට සැක පල කොට ඇති අතර ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාව හා යාපනය නගරසභාවේ ගිනිනිවන නිලධාරීන් සහය වී ඇති බවටත් අදාල ගින්න සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටද කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

132 views
Main News