කරාපිටියේ දොස්තර හැදූ කොරෝනා ඔසුවක් අපි දන්නෙ නෑ.. වහා පරීක්‍ෂණ කරන්න..- කරාපිටිය රෝහල් ප‍්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරයි…

May 5, 2021 at 2:10 pm | lanka C news
කරාපිටියේ දොස්තර හැදූ කොරෝනා ඔසුවක් අපි දන්නෙ නෑ.. වහා පරීක්‍ෂණ කරන්න..- කරාපිටිය රෝහල් ප‍්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරයි…

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය ගැන කිසිවක් නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප‍්‍රියන්ත ජීවරත්න මහතා සඳහන් කළේය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ නම යොදා ගැනීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් ඉක්මනින්ම සිදුකළ යුතු බවත් පැවසූ ඔහු එවන් ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කළ කර ඇත්දැයි එහිදී හෙළි වනු ඇතැයිද පැවසීය.

99,178 views

56 Comments to “කරාපිටියේ දොස්තර හැදූ කොරෝනා ඔසුවක් අපි දන්නෙ නෑ.. වහා පරීක්‍ෂණ කරන්න..- කරාපිටිය රෝහල් ප‍්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරයි…”

  1. Lalith m says:

    රුසියාවට වඩා ලොකු දෙයක් ඉරිසියාව කියන්නේ. දොස්තර කෙනෙක් වුනත් වෙනසක් නෑ.ඇදපන් කකුල් දෙකෙන්ම.

  2. Susantha says:

    වයිරසයක් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති නූගත් බයියන්ට හෙල ඔසුවක් කිව්වම උඩ දානවා, මේවා බයියන් අන්දන්න කියන බොරු බේගල්, වයිරස් කියන්නෙ ඕනෙම බෙහෙතකට වෙනත් ප්‍රබේදයක් හදන්න පුලුවන් ජීවියක් තුල පමනක් ක්‍රියාතමක වෙන එකක්

Main News