කරාපිටිය දොස්තර සොයාගත් කොරෝනා ඖෂධය ගැන IDH රෝහලේ ප‍්‍රධානී හෙලි කරයි…

May 6, 2021 at 10:26 pm | lanka C news
කරාපිටිය දොස්තර සොයාගත් කොරෝනා ඖෂධය ගැන IDH රෝහලේ ප‍්‍රධානී හෙලි කරයි…

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දී ඇතැයි කියන කොරෝනා වෛරසය සදහා වන කරල සම්බන්ධයෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අදහස් පළ කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ අදාළ වෛද්‍යවරයා විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගැනීම මේ වන විට මෙරට ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්න බව පෙනෙන බවත් ඇතැම් මාධ්‍ය පවා ඒවාට සහාය දක්වමින් සිටීම කනගාටුදායක බවත් ඔහු පැවසීය.

ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බවද පැවසූ ඔහු ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් බව ද ඔහු පෙන්වාදෙයි.

කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

119,015 views

36 Comments to “කරාපිටිය දොස්තර සොයාගත් කොරෝනා ඖෂධය ගැන IDH රෝහලේ ප‍්‍රධානී හෙලි කරයි…”

  1. sana says:

    Even globally used vaccines are not 100% effective and took enough time to validate as per medical research theories. This Karapitiya medicine is made from no harm substances used for many hundred years in the country and similar to vaccine early results show promising. so why not use as a life saving act.

  2. අපිට ඕනා ජීවත් වෙන්න ඉංග්‍රීසි බෙහෙත් බීලා මැරිචචිච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉංග්‍රිසි බෙහෙත් කාරයො සල්ලිමයි හොයන්නෙ උන් මල පෙරේතයො, අනෙක ඉංග්‍රීසි බෙහෙත් බිලා වෙන ලෙඩත් එනවා ඉංග්‍රීසි බෙහෙත් කාරයාගේ මෝඩ ගොං මාන්නයකුත් තියනවා. උගත්ය අය ලෝකයේ ඕන තරම් ඉන්නවා. අනේ කාලේ උගත් ඉංග්‍රීසි බෙහෙත් කාරයො වනේ වාසේ. මේ බෙහෙත් කාරයෝ මාළු කාරයො නෙමෙයි හොද්.

  3. sana says:

    Does IDH fellow has done any scientific study to prove it useless.???

  4. sana says:

    Is this IDH fellow is telling this based on scientific facts. Or is it his opinion??

  5. shanika ruwani says:

    ලන්කාවෙ මිනිස්සු හරිම කුහකයි. ලන්කාවෙ මිනිහෙක් බෙහෙතක් හොයා ගත්තත් ඒක පිලිගන්න කැමති නැහැ. සුද්ද එවන බෙහෙත් බීලා මැරුනත් උන්ට ඒක සැපයි. මේ රටේ මිනිස්සුන්ට ඔලුව උස්සන්න බැරි ඉරිසියාව නිසා. මමත් බටහිර වෛද්‍යවරියක්. ඒ නිසා දොස්තරලගෙ හැටි හොදට දන්නවා.​

Main News