කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දැමේ..

November 10, 2020 at 10:00 am | lanka C news
කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දැමේ..

ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවත්වාගෙන 23 වාට්ටුව හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම වාට්ටුවට යොමු කරන ලද සියළුම රෝගීන් ඉදිරි දෙසතියක කාලය කාලයේදී උණවටුන රෝහල වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

වාට්ටුවේ සිටින කිසිවෙකුට පිටතට යාමට පිටතින් කිසිවකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත.

11,600 views

One Comment to “කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දැමේ..”

  1. Dialysis සදහා රෝහල් ගත කරපු වකුගඩු රෝගී, මානසික රෝගී කාන්තාව, අදාල ප්‍රතිකාර සදහා යොමු කර සිටිද්දී තමා covid ලක්ශන මතු වෙන්නේ! මානසික රෝගීන් මාස්ක් දාගෙන එක තැනක පූස් පැටවු වගේ තියන්න පුලුවන් අය නොවේනේ! දැන් කී දෙනෙක් අමාරුවේද? රෝහල් කාර්‍ය මන්ඩලය, අසල ලෙඩ්ඩු, පවු ! ඇය දන්නේ නෑ රෝගය බෝ වුන හැටි? තවමත් කොරෝනා සමාජගත වෙලා නැතියැයි ?

Main News