කරාපිටිය රෝහල රෝගීන් බාර ගැනීම අඩු කරයි.. කාර්ය මණ්ඩලවලට එන්න ඉන්ධන නෑ…

May 23, 2022 at 8:02 am | lanka C news

කරාපිටිය ශික්ෂණ රෝහලට අද දිනයේ සිට රෝගීන් භාරගැනීම සීමා කිරීමට සිදු සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඉන්ධන අර්බුදය මත කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම ගැටළුකාරී වී ඇති නිසා මෙම තත්වය උදාවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පැවසීය.

මේ වන විට රෝහල් කාර්යමණ්ඩලය පැමිණීම ඉතාමත් අවම මට්ටමකට පත්ව ඇති බවත් ඊට හේතුව පවතින ඉන්ධන අර්බුදය බවත් ඔහු සදහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රමුඛතාවක් මත ලබා දෙන බව පැවසුවද මෙතෙක් ඊට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි. ‍

සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි බව ද අධ්‍යක්ෂවරයා තව දුරටත් කියා සිටියේය.

14,503 views

5 Comments to “කරාපිටිය රෝහල රෝගීන් බාර ගැනීම අඩු කරයි.. කාර්ය මණ්ඩලවලට එන්න ඉන්ධන නෑ…”

  1. SL says:

    අනේ උට්ටෝ ,පුද්ගලික අංශයේ උන් පොදු ප්‍රවාහන සේවා වල හරි ගිහින් වැඩට යනවා.තොපේ මේ උද්දච්ච ඉල්ලීමුත් මේ රටට කෙළවෙන්න තව හේතු.
    හැම එකාටම කාර් වල එන්න පුළුවන් කාලයක් නොවේ මේ.

    ප.ලී. පෙට්රෝල් ගහගෙන කාර් එකේ එන්න පුළුවන් කම තියෙද්දිත් රට ට යහපතක් වෙන්න කියල පොදු ප්‍රවාහන සේවයේ එන එකෙක්.

    • Hi says:

      අද හරිම සතුටු දවසක්. ඔබ අනිවාර්යයෙන්ම 225 න් එක්කෙනෙක් වෙන්න ඕන.
      අඩු මිලට පැය ගනන් පෝලිම් වල නොඉද ඉන්ධන අරගෙන පහසුවෙන් ඉතා සැප වාහනයක යන්න පුලුවන්කම තිබිය දී පොදු ප්‍රවාහන යේ තද වෙලා පැය ගනන් රස්තියාදු වී රාජකාරියට එන ඔබ ගැන ආඩම්බරයි.
      ඒ වගේම අපි ගැන අපිම සතුටුයි. අපේ සල්ලි වලින් දෙන පාර්ලිමේන්තු බත් වේල ගැනත් , අපේ මුදලින් ඔබට දෙන වරප්‍රසාද ගැනත් අපි නොකා නොබී හරි ඇත්තටම සතුටුයි!!!

  2. SL says:

    අනේ උට්ටෝ ,පුද්ගලික අංශයේ උන් පොදු ප්‍රවාහන සේවා වල හරි ගිහින් වැඩට යනවා.තොපේ මේ උද්දච්ච ඉල්ලීමුත් මේ රටට කෙළවෙන්න තව හේතු.හැම එකාටම කාර් වල එන්න පුළුවන් කාලයක් නොවේ මේ.ඒක තේරුම් ගන්න පුළුවන් මොලයක් තොපිට තියෙන්න ඕනේ.

    ප.ලී. පෙට්රෝල් ගහගෙන කාර් එකේ වැඩට එන්න පුළුවන් කම තියෙද්දිත් රට ට යහපතක් වෙන්න කියල පොදු ප්‍රවාහන සේවයේ එන එකෙක්.

  3. Kamal says:

    Galle Highway Aradhana shed 1 denawa.

  4. Nadisha says:

    රෑ මැදත් අවුලක් නැතුව පොදු ප්‍රවාහනය තියෙනවා නම් අවුලක් නෑ.