කරාපිටි රෝහලේ වාට්ටුවක් වසා දමයි..

December 10, 2020 at 12:40 pm | lanka C news
කරාපිටි රෝහලේ වාට්ටුවක් වසා දමයි..

කරාපිටිය රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ එම වාට්ටුවේ සතියක කාලයක් ප්‍රතිකාර ලබා ගත් කාන්තාවක් කොරෝනා ආසාදිත යයි තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.

එහි සේවය කරන ලද වෛද්‍යවරුන් ඇතුළු හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම අවශ්‍ය පරිදි කෝරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කර ඇත.

13,548 views

2 Comments to “කරාපිටි රෝහලේ වාට්ටුවක් වසා දමයි..”

  1. කරාපිටිය වෛද්‍ය පීඨය තුල කොරෝනා ආසාදිත දරුවන් ගන්න 08 ද්ක්වා ඉහල යාමත් සමගම , නිසි ආරක්ශාව ඉල්ලමින් අනද්‍යන සේවකයින් වර්ජනයකට යොමුව ඇත.සියලු නේවාසකාගාර තුල දරුවන් 450 ක් පමන සිටින අතර, වර්ජනය හේතුවෙන්, දරුවන් දැඩි ආහාර සහ මුදල් හිගයකට මුහුන පා ඇත. මේ මොහොතේ ආචාර්‍ය මන්ඩලය විසින් තම පුද්ගලික වියදමින් දරුවන් වෙත ආහාර ලබා දේ.

  2. එක් ආහාර වේලක් සදහා රු. 90,000/= පමන පිරිවැයක් පුද්ගලිකවම දැරීමට එක් එක් ආචාර්‍ය මන්ඩලයේ ගුරු බවතුන්ට සිදුව ඇත. දෙමාපියන්ට දරුවන් වෙත ආහාර සහ මුදල් යැවීමට හැකියාවක් නැත.ගේට්ටුවෙන් ඇතුලුවීම අන්තුරුදායකය. රජය හෝ නිසි බලදාරින්ගේ අවදානය යොමු විය යුතුව ඇත. අන්තරයේ කෙරුමෝද බුදිය.

Main News