කරුගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්…?

September 26, 2020 at 2:10 pm | lanka C news
කරුගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්…?

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත පිළිබඳවයි.

කරුගෙන් අලුත් පක්ෂයක් යන සිරස්තලය යටතේ මෙවර ඉරිදා පුවත්පතේ පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍යය

“සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතානායක කරු ජයසුරිය මහතා එක්සත් ජේ්‍යෂ්ඨයන් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක පිහි⁣ටුවීමට සූදානම් වේ. යනුවෙන් එහි අන්තර්ගත කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යය, පදනම් විරහිතය. මේ රටේ ජනතාව නොමඟ යවන සුළුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතාට හෝ එම ව්‍යාපාරයට නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ කිසිදු අරමුණක් නොමැති අතර ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන යුක්තිය සාධාරණය රජයන ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා පූර්ණ වශයෙන් කැපවන බහුජන සංවිධානයක් ලෙස අඛණ්ඩවම ක්‍රියාත්මක වනු ඇත.

ආණ්ඩු බලය සඳහා වන කිසිඳු අරමුණක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නොමැත. එහි අනාගත ගමන්මඟ ද ඒ අනුවම සිදුවනු ඇත.

එබැවින් දිවයින පුවත්පතෙහි පලවූ එම පුවත මම තරයේ ප්‍රකාශ කරන අතර මේ පිළිබඳව ජනතාව දැණුවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

එහි දී විශේෂයෙන්ම ඉරු දින පුවත් සිරස්තල වැඩසටහන තුල අදාල පුවත හඳුන්වා දීමට කටයුතු කරන්නේනම්, මාගේ මෙම අවධාරණයද පැහැදිළි ලෙස සඳහන් කරනු ඇතැයි අපේක්ෂා කරමි.

පාලිත ලිහිණි කුමාර
ලේකම්
සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය

24,535 views

6 Comments to “කරුගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්…?”

  1. Nish says:

    ඔව් ඉතින් මේ ගොනාට පුලුවන්ද අලුතින් පක්ශ හදන්න්න?

  2. Sakunthala says:

    Kisima hakiyawak nathi minihek

  3. n.s fasions kurunegala says:

    ngo money talking

  4. Niru says:

    Another fool another party

  5. අල්ලා says:

    These fooooools will never learn…

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පක්‍ෂ නායකයෙක් වෙලා මලත් මොකද​?කථානායක වෙලා ඉන්න කොටත් සාධාරණ සමාජයක් වෙනුවෙන් මෙතුමා ඒක පාක්‍ෂිකව සටන් කලානෙ,නැද්ද හා!!

Main News