කරුගේ වීඩියෝවකින් සිරිකොත ඇවිලෙයි.. කරුගෙන් වහා නිවේදනයක්..

August 21, 2020 at 10:40 am | lanka C news
කරුගේ වීඩියෝවකින් සිරිකොත ඇවිලෙයි.. කරුගෙන් වහා නිවේදනයක්..

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප‍්‍රවෘති නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.

නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම උත්සාහය නිෂ්ඵල වූ විට කිසිඳු පාර්ශවයකට සහාය නොදී මුළුමනින්ම ස්වාධීනව සිටීමට එතුමා තීරණය කරන ලදි. ඒ අනුව සිය පාර්ශව⁣යන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ස්තුති පූර්වකව ප‍්‍රතික්ෂේප කරන ලදි.

එපමණක් නොව සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලදි.

එසේනම්, සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු වූ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට ඔහුගේ වීඩියෝ පටයකට කරු ජයසූරිය මහතා අදහස් දක්වා ඇති බවට වන සඳහනෙහි පදනම කුමක්ද?

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා එම කාලය තුළ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව යොවුන් පාර්ලිමේන්තු සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ප‍්‍රසාදයක් එවකට කථානායකවරයා තුළ තිබිණි. 2019 සැප්තැම්බර් 03වන දින කථානායකවරයා හමු වූ එරන්ද වැලිඅංගේ මහතා ඉදිරියේදී තමා පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂවෙන් සිටින බැවින් තමා පිළිබඳ ඇගයීමක් සිදුකරන ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලදි. එවකට එක්සත් ජාතික පක්ෂය කිසිඳු ආකාරයකින් දෙකඩ වී නොතිබූ අතර නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. එමෙන්ම ඒ වනවිට සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි වීම පිළිබඳව අදහසක්වත් පළව නොතිබිණි. සමගි ජන බලවේගය බිහි වූයේ ඉන් මාස ගණනාවකට පසුය.

කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේ දී පුද්ගලයෙකු ලෙස එරන්ද වැලිඅංගේ මහතා පිළිබඳව ස්වකීය අදහස ඒ මහතාගේ ඉල්ලීම පරිදි සුභපැතුමක් වශයෙන් ප‍්‍රකාශ කළ අතර දේශපාලන පක්ෂයක් පිළිබඳව කිසිඳු සඳහනක් සිදුකර නැත.

කෙසේ වෙතත් දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරණ අසාර්ථක පුද්ගලයන් අතලොස්සක් විසින් කරු ජයසූරිය මහතා උගත් තරුණයෙකු පිළිබඳව පළ කරන ලද අදහසක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන ලද ප‍්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට කරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය කණගාටුවෙන් යුතුව හෙළා දකිමු.

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය

 

125,014 views

4 Comments to “කරුගේ වීඩියෝවකින් සිරිකොත ඇවිලෙයි.. කරුගෙන් වහා නිවේදනයක්..”

  1. kamal says:

    Rahul don’t victim of indian gossips about Buddha and King ajasatta or me. Rama incarnation is Buddha i agree with that looking dasa ratha jathaka tale story. But others kirshana and kalki or me wrong. Kalki is not Buddhas incarnation, but understand me and my teacher. My teacher is kalki or kiribathgoda monk but you love your teacher or ajasatta king of Magada too. This is Kalkis massage You love your teacher Kalki or incarnation of a vasvarati god with Eight powers of Buddha. But Buddha have ten separate powers rama or no one has. Kalki is greater than rama but not equal to Buddha even same reincarnation. Rahul idiot indians mix all the incarnations of Buddha and me. or Buddha and kalki. This from kalki or kiribathgoda monk.

  2. kumari says:

    රනිල් ගෙන් පක්ෂයට හෝ පාක්ෂිකයාට හෝ පක්ෂයට දර දිය ඇදපු කිසිවෙකුට හෝ සෙතක් සැලසුනේ නැත. අඩුම වශයෙන් UNP වෙනුවෙන් කැපවී වැඩ කල මන්ත්රිවරුන්ව පවා ඇගයීමට ලක් කලේ නැත. මනුෂ්‍යයෙකු වශයෙන්වත් සුහදව කතා කරන්නේ නැත. ඒ වෙනුවට වෙනත් පක්ෂවල නායක කාරකාදීන් සමග සම්බන්දතා පවත්වා ගනිමින් ගේම් ගසයි. යහපාලනයෙන් විශේෂයෙන් බැට කෑවේ UNP පාක්ෂිකයයි. මන්ද පක්ෂය තුල මොහුට කිසිම සම්බන්ධි කරන සැලැස්මක් හෝ ප්‍රති ප්‍රහාරක විඥ්ඥාණයක් නොතිබූ නිසාය. මොහුට කෙසේ හෝ අවශ්‍යව තිබුනේ නකුට සඟවා ගත් සතෙක් ලෙස තම පුටුව ආරක්ෂා කර ගැනීම පමණයි. ව්‍යවස්ථාව දෙවරක් කඩකළ පාලකයෙකු වී නම් ඔහුට එරෙහිව බලමුළු සවි ගැන්වීමක් කරමින් මන්ත්‍රණ සබාවෙන් එලියට විත් ජනතාව අතරට පැමිණියේ නම් අද රාජ්‍ය නායකයා ඔහුය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාව නන්නත්තාර කරනු ලැබිය. ඇමති තනතුරු පාලනය විසින් සියතට ගනිද්දී නිවටයෙකු ලෙස බලාගෙන නිහඬවිය.අවසානයේ සජිත් වැනි පුද්ගලයිනට පක්ෂය කඩාගෙන යාමට මග සැළසුණේ ප්‍රබල දෙවන පෙළ නායකත්වයක් ඇති නොකළ නිසාවෙනි. ඔහු දැන් ක්‍රියාවට නගන්නේ හිතවත් මහින්දගේ උපදෙස්ය. ඒ අනුව කරූ ජයසුරිය මහතාට නායකත්වය සඳහා ඇති ඉඩකඩ බොහෝ අල්පය. බාධා කිරීම් සහ මඩ ගැසීම් විශාලය.

    • ඊරි යකා says:

      කිහිළි’කරු’වාට වඳින්න ගිය දේවාලේ හිසට කඩා වැටුනාවගේ වෙලා

  3. john the baptice says:

    කරු අගමැති රනිල් ජනාදිපති කෝ දැන් ඒ සිහිනය මේ යකාට දැන් පිස්සු

Main News