කරුට 58යි.. සජිත්ට 49%යි.. රනිල්ට 25%යි.. එජාප ජනාධිපති අපේක්‍ෂක සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

June 15, 2019 at 11:20 am | lanka C news
කරුට 58යි.. සජිත්ට 49%යි.. රනිල්ට 25%යි.. එජාප ජනාධිපති අපේක්‍ෂක සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැති සමීක්ෂණයකින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පරදවා කථානායක කරු ජයසූරිය සියයට දහයකට ආසන්න ප්‍රතිශතයකින් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

කරු ජයසූරිය සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා ජාතික සංවිධායක නවීන් දිසානායකට සියයට පනහකට ආසන්න ප්‍රමාණයක ප්‍රසාදයක් හිමිව ඇත.

පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා කැමැත්ත පළ කර ඇත්තේ සියයට හතළිහකට වැඩි පිරිසකි.

එහෙත් ඇමැති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත්තේ සියයට තිහකටත් අඩු ප්‍රමාණයකි.

ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන ඇමැතිවරුන්ට හිමිව ඇත්තේ සියයට විස්සත් සියයට දහයත් අතර ප්‍රමාණයකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ශිෂ්‍යයන්ගෙන් සමන්විත සමීක්ෂණ කණ්ඩායමක් මගින් ආචාර්යවරුන් පිරිසක් සිදුකළ සමීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය සතියේ එළිදක්වා ඇත. මෙම සමික්ෂණය එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයකුගේ වුවමනාවක් මත සිදුවූවක් බව වාර්තා වේ. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සාමාජිකයන් 2500කට වැඩි පිරිසක් එහි නියැධිය ලෙස යොදාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුරාධපුරයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කළ බවට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර පැවැති කැබිනට් රැස්වීමේදී පැවසුවේ සිය බලාපොරොත්තුව විපක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය තරුණ නායකයකුට ලැබෙන බවටයි. එසේ වුවහොත් තමන්ගේ සහායද ඔහුට හිමිවන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

කරු ජයසූරිය 58%
සජිත් ප්‍රේමදාස 49%
නවීන් දිසානායක 46%
පාඨලී චම්පික 45%
රනිල් වික්‍රමසිංහ 25%
ලක්ෂ්මන් සෙනෙවිරත්න 20%
රාජිත සේනාරත්න 18%
මංගල සමරවීර 10%

– aruna

70 views

18 Comments to “කරුට 58යි.. සජිත්ට 49%යි.. රනිල්ට 25%යි.. එජාප ජනාධිපති අපේක්‍ෂක සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..”

  1. Asoka Liyanage says:

    මේ වගේ මෝඩ ගණිත ප්‍රතිශත ගණනය කරන්න ඇත්තේ හොර ආචාර්ය පට්ටම් ලැබූ බොරුවේ උපතක් වන හර්ෂ සිල්වා හෝ මර්වින් සිල්වා විය හැක.

  2. nsr says:

    මොන විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් මෙම ප්රතිශත ගණන් හැදුවත් පළමුවෙන්ම උන්ගේ මොලේ ගලක අතුල්ලා හරි ගතයුතු වෙනවා………… ඒ ආචාර්යවරුන්ගෙන් ඉගෙනගන්න අහිංසක සිසු දරුවන්ට නම් දෙයියන්ගෙම පිහිටයි…… පුලුවන්නම් ඔය ආචාර්යවරුන්ගේ නම් ගම් ටිකක් එළිදැක්වුවොත් ශරීර සුවතාවය රැකෙයි…..

  3. amarabandu says:

    මෙවැනි සමීක්ෂණ කරන්නේ එක අපේක්ෂකයෙකුට ජනතා කැමැත්තෙන් කොපමණ ප්‍රතිශතයක් ලැබෙනවද බැලීම. 58% කියන්නේ ඔහුට විරුද්ද අපේක්ෂකයන් සියලු දෙනාට 42% ඒ නිසා ඔහු ජයගන්නවා. 49% කියන්නේ ඔහුට විරුද්ද අපේක්ෂකයන් සියල්ල එකතුව 51% ගන්නවා කියන එක. දැනුමක් නැතුව ප්‍රතිශත එකතු කරලා 100% වැඩි කියන හරකුත් ඉන්නවා. මේ ප්‍රතිපලය ඉතා දරුණු තත්වයක්. මේකෙන් පෙන්නේ තාමත් UNP එකට ජය ගත හැකි අපේක්ෂකයෙක් ඉන්නවා කියන එක.

Main News