කරුණාගේ අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි මැකොට කියයි.

June 30, 2020 at 6:23 am | lanka C news
කරුණාගේ අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි මැකොට කියයි.

2020 මහ මැතිවරණ අපේක්ෂ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් 06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. එම ලිපිය ජාතික විද්වත් සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරන ලදි. ඒ සදහා දර්ශනපති පූජ්‍ය  හැඩිගල්ලේ විමලසාර හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය ශාස්ත්‍රවේදී බුදුගල ජිනවංස හිමි යන හිමිවරුන් සහභාගි විය.

ඉන්පසුව නාරහෙන්පිට රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මුලස්ථානයේ දි සවස 2.30 ට මාධ්‍ය හමුවක් පැවත්විණි. ඒ සදහා පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, පූජ්‍ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි,  පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය බුදුගල ජිනවස හිමි සහභාගි විය. තවද ජනාධිපති නිතීඥ අනුර මැදගොඩ මහතා සහභාගි විය.

එහි දී ඕමල්පේ නාහිමියන් ඇතැම් දේශපාලකයින් අංගුලිමාල චරිතය හා කරුණා අම්මාන්ගේ චරිතය සමාන කර කතා කිරීම සම්පුර්ණයෙන්ම වැරදිය. අංගුලිමාල හිමියන් රහත් භාවය ලැබූ මහතෙරනමකි. උන් වහන්සේ කිසි දිනක අතිතයේ තමන් කළ වැරදි පිළිබද උද්ධාමනයට පත්වුයේ නැත. අද කරුණාඅම්මාන් තමන් කල වරද ගැන පසු තැවෙන්නේ වෙනුවට තමන් කල වරද උද්දාමයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි.

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ මෙය අපරාධ නිතිය අනුව වැරදි බවත් සුදුසු අධිකරණයකදී පරික්ෂා කර දණ්ඩනය ලබා දිය හැකි වරදක් වන බවත් ය. ලංකාවේ නිතිය අනුව මසුෂ්‍ය ඝාතයට දණ්ඩනය මරණ දණ්ඩනය බව කියා සිටියේය. මෙම සිදුවිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පවා යා හැකි වරදකි. එසේම ජනාධිපති නීතිඥතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේ 1949 ජිනිවා ජාත්‍යතර සම්මුතින් වලින් ද මෙම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදි බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කල යුතුය.

– පූජ්‍ය බුදුගල ජිනවංස හිමි

20,640 Viewers

14 Comments to “කරුණාගේ අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි මැකොට කියයි.”

  1. සමන්ත says:

    කරුණා ගේ මේ ප්‍රකාශයට විරුද්ධව අදහස් දක්වන අයට මේ මගින් අපේ රණවිරුවන් යුධ අපරාධ කලා කියලා ජීනිවා ගිය යහපාලනය ඇතුලු ⁣කොටි නඩේට කම්මුල් පහරක් වැදුනා කියලා හිතෙන්නේ නැත්තේ ඇයි. ඉදිරියටත් කොටින්ට විරුද්ධව කටයුතු කීරීමට කරුණා අම්මාන් ආරක්ෂා කර ගත යුතුයි. ඒ මගින් අපේ රණවිරුවන්ට එල්ල කරන චෝදනා වලින් නිදහස් කර ගැනීම කල යුතුයි. ඒ වගේම සිංහල කොල්ලෝ කෙල්ලෝ මරා දාපු යු එන් පි, ජේ වි පි හවුලටත්වි,කොටින්ටත් විරුද්ධව මේ වගේම මනුෂ්‍ය ඝාතන කලා කියලා නඩු දාන්න. කොටින්ට විරුද්ධව ඉන්න අයට විතරක් නෙමේ

    • Herath says:

      දෙමළ ඩයස්ෆෝරාව හමුදාව ජිනීවා ගෙනයන්න හදද්දී චමිපික රණවකගේ හාමුදුරුවරු සෙට් එක කරුණාව ජිනීවා ගෙන යන්න හදන්නේ ජිනීවා වලදී දෙගොල්ලම එක්වී විස්කි බීමටද?

  2. SAKKILI SIRA says:

    මම සක්ලි සිරිසේන.
    ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
    මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

    මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

    මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

    මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

    මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

  3. SAKKILI BALU SIRA says:

    මම සක්ලි සිරිසේන.

    ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
    කරුණා නරක මිනිසා, මම විජයකාලට ආදරෙයි මගේ සොඳුරිය

    මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

    මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

    මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

    මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

    මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

    කොහොමද මගේ උපහාසාත්මක හිනාව හහ් හහ් හහ් හහ්

  4. කළු මාමා says:

    විජයකලා කියන කොට මුන් කොහෙද හිටියේ ?

  5. Neela says:

    කබරයා තලගොයා…දැන් දෙගොල්ලන්ටම ජිනීවා සරණ හැර වෙන සරණක් නැත. එන්ජීඕ පිල්ලි වලට ඕනෑ ජිනීවා මානව හිමිකම් කොමිසමයි. කරුණාවත්, හමුදාවත් ජිනීවා එක්කගෙන යාමට මේ සෙට් එකට පුදුම උවමණාවක් තියෙන්නෙ. ඕමල්පේ කියන්නෙත් එසේ මෙසේ එක්කෙනෙක්ද? ජාත්‍යන්තර සල්ලිනෙ…

  6. Gamini says:

    මේ සියලු හිමිවරු පචයාගේ සරණ ගිය අය මිස වෙන කවුද?

  7. ඊරි යකා says:

    අන්ඟුලිමල මින්සුන් 999 මැරුවා ,එහෙත් ඔහුට සමාව දි බුදුසසුනෙත් මහණ කලා, අන්තිමේදි සියලු සතන්ගෙ වන්දනාමානාද ලැබුවා , අදටත් එසේමයි සොබිත තැන, ඇයි කලබල

  8. 62 ලක්ෂෙ අඩු කුලේ බයියා says:

    අපි දැන් බලමු අපේ හාදුරුවනේ අපේ ලොකු ආප්පච්චි මොකෝ කියන්නේ කියලා.

  9. Ranga says:

    එතකොට UNP එකෙන් 88-89 මරපු 40000 ට වග කියන උන්ටයි. JVP එකෙන් මරපු 20000ට වග කියන උන්ටයි මේ නිතිය ක්‍රියාත්මක කරන්නේ කවද්ද

  10. පොඩි එකා says:

    කරුණාත් දැන ගන්න ඕනේ ඡාතිවාද අවුස්සන විදිහේ කතා නොකර ඉන්න… අපේ අයත් දැන ගන්න ඕනේ නැවත ඡාතිවාදයක් ඇති නොවෙන්න වැඩ කරන්න… දැන් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කිරීම අනවශ්‍යයි…. අතීතයේම එල්ලි එල්ලී එකිනෙකාට පහර දී ගැනීම පැත්තකට දාලා අනාගතය ගැන සිතුවොත් රට ගොඩ යාවී… නැත්තං වල පල්ලට යාවී…

  11. අපේ හාමුදුරුවනේ ,
    පොඩි දෙයක් කියන්නන්…
    කරුනා කොහොමත් කොටියා, ඒක ඔබවහන්සේත් මාත් දන්නව ඌතමයි නැගෙනහිර නායකය. ඌ ප්‍රභාකරන් එක්ක තරහ වෙලා ඌව මරන්න ප්‍රභාකරන් හොයද්දි,එයාව 2001 වාහනේක හංගලා කොළඹ ගෙනාවෙ UNP පලාත් සභා මන්ත්‍රී අලි සහීර් මව්ලානා. ඊට පස්සෙ රනිල් චන්ද්‍රිකා එක්ක කතාකරල එයාව England යවල ප්‍රභාකරන් ගෙන් ජීවිතේ බේරලා දුන්නා. පස්සෙ රනිල් නෝර්වෙ/ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහල තවත් කොටි ශක්තිමත් කරද්දී කරුනා තරහ උනා. ඒ තරහත් එක්ක තමයි මහින්ද ලගට ගියේ. කරුනාගෙ එකම බලාපොරොත්තු තිබ්බෙ ප්‍රභාකරන් පරද්දන එක.
    ඊට පස්සෙ දේශපාලනය ප්‍රසිද්ධියේ කරානේ. කරුනා ඊට පස්සෙ කවදාවත් පර්ලිමේන්තුවේ ඉන්න කලේවත් ඒ වරප්‍රසාද වලින් සුමන්තිරන්ල, සම්බන්ධන්ල, විග්නේෂ්වරන්ල , පාක්‍යසෝතිල වගේ ෆෙඩරල් ඉල්ලුවෙ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව දේශපාලනය කරා , ඒකයි කරුනා දෙමල චන්ද වලින් ගියපාර පැරදුනේ. ඒකාලෙ ජාතිවාදී කතා කිව්වෙ නැහැ.
    මෙතන කරුනා අනවශ්‍ය කතාවක් කියන්නෙ, දේශපාලන ගැලරියට කියපු මෝඩ කතාවක්. නැත්නං එයා ආපහු පරාදයි . ඒත් කියපු කතාව සම්පූර්ණ වැරදි.
    ඒත් හිතන්න, ඇයි කරුනා දෙමල ප්‍රදේශවලින් පැරදෙන්නෙ… කරුනා සිංහල මිනිස්සුන්ට පක්ශ නිසාද? දෙමල මිනිස්සුන්ට පක්ශ නිසාද?
    ඕව මුලු ලංකාවම දන්නවා…
    ඒ නිසා පුනරුත්ථාපනය වෙච්ච දෙමලුන්වත් ආපහු කොටි කියල වැඩක් නැහැනෙ…
    කරුනා කොහොමත් චන්දේ දින්නොත් හරි දේශපාලනයක් කරනව රජය එක්ක. අනිත් එවුන් වගේ ෆෙඩරල් ඉල්ලන එකෙක් නෙවෙයි නිසා…

  12. Lol says:

    Ehemanam ithin ranil geth athhituwanna one.

    Ranil sinhala kollo kello maruwe, wadadeela, tiers wala dala puchchala, parawal anine wedithiyala. Ayhapaya badala gagata dala.

  13. ක්‍රිමිනල් says:

    කරුණගේ රෙදි අපුල්ලා ,වැලේ වනන්න බෛයො එන්නේ පොලීමේ. මුන්ගේ දේශප්‍රේමේ රෙද්දපල්ලෙන් බෙරෙනවා..😂😂😂

Leave a Comment

Main News