කරුණාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරයි.. කරුණාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

June 25, 2020 at 12:40 pm | lanka C news
කරුණාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරයි.. කරුණාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයා වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කරුණා අම්මාන්, නීතිපති සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර ඇත.

තමන් හමුදාවේ දෙදහසක් තුන්දහසක් අතර ප්‍රමාණයක් ඝාතනය කල බව කරුණා අම්මාන් විසින් පසුගියදා අම්පාරේ පැවති ජන හමුවකදී ප්‍රසිද්ධියේ පිළිගැනීම හේතුවෙන් අපරාධයක් පිළිගැනීම හරහා එය පාපොච්චාරණයක් කර ඇතැයි පෙත්සමේ දැක්වෙයි.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කරුණා අම්මාන් අද රහස් පොලිසිය හමුවට පැමිණ ඇත.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරීක්‍සණයකට අදාලව මෙම ප‍්‍රකාශය සටහන් කර ගැනේ.

215 views
Main News