කරුණාසේන හෙට්ටිආරච්චි ඉවත් කරන්න ජනපති තීරණය කරයි.. වෛද්‍යරත්න නව ආරක්‍ෂක ලේකම්..

March 12, 2017 at 11:20 am | lanka C news
කරුණාසේන හෙට්ටිආරච්චි ඉවත් කරන්න ජනපති තීරණය කරයි.. වෛද්‍යරත්න නව ආරක්‍ෂක ලේකම්..

කරුණාසේන හෙට්ටි ආරච්චි මහතා රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමටට තීරණය වී ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

වෛද්‍යරත්න මහතා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරයි.

වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ වන විට සිංගප්පුරුවේදී හදවත් සැත්කමකට ලක් කර සුවය ලබමින් සිටින අතර ඒ මහතා ඉදිරියේදී සිය ධුරයෙටන් විශ‍්‍රාමය යාමටද නියමිතය.

115 views
Main News