කරුණා අත්අඩංගුවට.. චෝදනාව වාහනයක් පාර නොදීම.. 07 දක්වා රිමාන්ඞ්..
November 29, 2016 at 12:00 pm | lanka C news
පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද පෙරවරුවේ ඔහු කැදවා තිබුනේ ඇමති ධුරය දැරු සමයේ වාහනයක් අවභාවිත කිරීමක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමටය.
ඇමති ධුරය දැරු සමයේ භාවිත කල අදාල වාහනය මෙතෙක් බාර දී නැති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අධිකරණය කිරීමෙන් පසු දෙසැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.